
රුසියන් හමුදා කීව් අගනුවර අල්ලා ගැනීමට ඔන්න මෙන්න යැයි විදෙස් මාධ්‍ය පවසයි. නගරය වට කළ රුසියන් හමුදා, කීව් අගනුවර වැසියන්ට පවසා ඇත්තේ වහා නගරයෙන් පිටවී යන ලෙසය.
නගරයෙන් පිටවීමට ප්‍රධාන අධිවේගී මාර්ගය භාවිතයට ගන්නා ලෙසත් කිසිවකුට අනතුරක් සිදු නොකරන බවත් රුසියන් හමුදාව පොරොන්දු වී ඇතැයි ද පැවැසෙයි.
නගරය අත්හැරීම ප්‍රතික්ෂේප කරන යුක්රේන ආරක්ෂක අංශ සාමාජිකයන්, සිවිල් වැසියන් පමණක් නොව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ද චෝදනා කර ඇත්තේ රුසියන් හමුදා සිවිල් ඉලක්ක වෙත දිගටම ගුවනින් බෝම්බ ප්‍රහාර එල්ල කරන බවය.
රුසියන් හමුදාව ප්‍රහාර සඳහා අධි බලැති රික්තක බෝම්බ ද යෝදා ගන්නා බවට යුක්රේන හමුදා චෝදනා නගයි.
මේ වනවිට රුසියන් ප්‍රහාර හේතුවෙන් මියගිය යුක්රේන සිවිල් වැසියන් ගණන 536 ක් බවත්, දරුවන් 14 දෙනකු ඒ අතර සිටින බවත් වාර්තා වේ. රුසියන් ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ ගණන 400 කි.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
COMMENTS
දැන් යුක්‍රේනයේ යුද්ධයද අපිට තියෙන දැවෙන ප්‍රශ්නේ...?
යුක්රේන ජනාධිපති විසින් අවු 18ට අඩු දරුවන් හා 60 ට වැඩි අය හැර සියළු දෙනාට රටින් පිටවීම තහනම් කර ඇති බවට ප්‍රවෘත්ති පලවිය. ඒ ලෙසම සියළු ජනතාව රුසියාවට එරෙහිව ආයුධ අතට ගන්නා ලෙසද, ගිනි අවි 12,000ක් සිවිල් වැසියන්ට නිකුත් කළ බව නිවේදනය කර ඇති බව හා පුහුණුවන බවට ප්‍රවෘත්තිද පල විය... ප්‍රජාතන්න්ත්‍රීය සාමජවාදී රටවල් යුක්රේන ජනාධිපතිගේ දරදඬු පිළිවෙත පාලනය කරනු වෙනුවට ආධාර ලෙස යුක්රේනයට සාමය වෙනුවට යුද්ධයට පිදුරුවන් ආයුධ සැපයූ බවටද පුවත් පලවිය.
රුසියානු ප්‍රහාරක යානා බිම හෙළූ බවට හා රුසියානු සොල්දාදුවන් 5000ක් පමණ මරා දැමූ බවට වහසි බස් දෙඩූ යුක්රේනය, රුසියාව විනාශකාරී ආයුධ භාවිතා කරන බවට චෝදනා කරයි. යුක්රේනයෙන් පිට කළත්, රුසියාවෙන් පිට කළත් ආයුධයකින් රෝසමල් පිට නොකරන අතර ආයුධවලින් පිට කෙරෙන්නේ විනාශයක්මයි. තම ජනතාවට රටින් පිටවීමද තහනම් කර ඔවුන්ගේ ජනතාවට ආයුධද 12000ක් සපයා යුද්ධයටම පිදුරු දැමූ යුක්රේන ජනාධිපති විසින් තම සිවිල් ජනතාව මරා දමා ඇතැයි රුසියාවට චෝදනා කරයි. ප්‍රහාරයකදී ආයුධද විනාශ විය හැකි බැවින් මිය ගියේ රුසියාවට එරෙහිව ආයුධ අත දැරුවන්ද නැත්දැයි සොයා ගැනීමට ක්‍රමයක් නැත. සුපිරිසිදු සාමවාදී රටවල් සාමය උදෙසා මානුෂීය ආධාර ලෙස යුක්රේනයට ලබාදී ඇත්තේ ආයුධ වේ. සාම සාක්ච්ඡා අතරතුරද ප්‍රහාර එල්ල කරන ලදැයි ප්‍රකාශ කරන යුක්රේනය එම සාම සාකච්ඡා අතරතුරදීම නේටෝ සාමාජිකත්වය හා හමුදා ආධාර ඉල්ලමින් තවතවත් රුසියාව කෝප කරවයි. නේටෝ සාමාජිකත්වය අපේක්ෂා කිරීමට හෝ තම රටේ යුද ශක්තිය පෙන්වීමට හෝ පෙර, ස්වාධීනව හා නිර්පාක්ෂිකව සිට මෙම ව්‍යවසනයෙන් වැළකී සිටීමට තරම් යුක්රේනය දූරදර්ශී වී නැත.
ශිෂ්ඨ සම්පන්න සමස්ත ලෝකයම ඒකාධිපති වියරුවෙන් දඟලන පුටින්ව ප්‍රතික්ෂේප කරද්දී, යුක්රේනය දෙසට හැරී සද්දෙට උඩු බුරන ඒ අමුතු ජනතාව දෙස තමයි මම නම් මේ බලාගෙන ඉන්නේ. රුසියාව තවත් උතුරු කොරියාවක් බවට මේ වනවිටත් පුටින් පත්කොට හමාරයි. තවමත් රජ සමයක මනසින් ජීවත් වෙන නිවට වන්දි භට්ටයින්ට මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද? පුටින්ගේ දරුපවුල නෙදර්ලන්තයේ සුවපහසු මන්දීරවල ජීවත් වෙන බව සමහරක් මෝඩයින් දන්නේ නැහැ. යුක්රේනය පමණක් නොව රුසියන් ජනතාවත් මේ මිනීමරු එකාධිපතියාගෙන් බේරාගැනීමට මුළු මහත් ලෝකයම එක්විය යුතු කාලයයි මේ...!
බටහිර මාධ්‍ය තත්වය වාර්තා කරන්නේ එකපාර්ශීවයි. ඔවුන් කරන සියලුම දේ හොඳවන අතර අනෙක් රටවල් පාතලයේ කෙනෙක් ඝාතනය කලද එය මානව හිමිකම් උල්ලන්ගයක් වෙයි...
රුසියානුවන්ටද යුද්ධය අවශ්‍ය නැත. ඔවුන්ට අසල්වැසි යුක්රේනුවන් හා සහෝදරත්වය මිස එදිරිවාදීකමක් නැත. සාමය ඉල්ලන රුසියානුවන් සිරගෙට ඇදගෙන යයි. රුසියානුවන්ද මේ දරදඬු පාලනයෙන් මිදී අනෙකුත් යුරෝපීයයන් හා එක්වනු ඇත. ලංකාවේ නම් යුද මානසිකත්වයෙන් පිරුණු, අධිකාරිවාදී පාලනයක් ගැන සිහින මවන අය තවමත් අඩුවී නැත.