
(සුජිත් හේවාජුලිගේ)
කවුරු කුමන යෝජනා ඉදිරිපත් කළත් ණය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසීය.
මේ මොහොතේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම ලොකු අවදානමක් බවත් රටේ ආර්ථික ප්‍රශ්නය මූල්‍ය අරමුදලට නොගොස් කළමනාකරණය කරගත හැකි බවත් හෙතෙම සඳහන් කළේය.
ණය වෙනස් විදියට කළමනාකරණය කරගත හොත් ප්‍රශ්නයක් ඇති නොවනු ඇතැයිද ඔහු පැවසුවේය.
කොන්දේසිවලට යටත්වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම තේරුමක් නැති වැඩක් බව පැවසූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය පමණින් මේ රටට ආයෝජකයන් හෝ සංචාරකයන් නොපැමිණෙන බවද ප්‍රකාශ කළේය.
ණය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ මොහොතේ දී ගියහොත් ඔවුන් අනිවාර්යෙන්ම පොලී අනුපාතය වැඩි කරන ලෙසටත් රුපියල් පාවෙන්න ඉඩ හරින ලෙසටත් රටේ සම්පත් විකුණන ලෙසටත් විශ්‍රාම වැටුප් කප්පාදු කරන ලෙසටත් විවිධ කොන්දේසි ඉදිරිපත් කරනු ඇතැයිද මහ බැංකු අධිපතිවරයා කිවේය.
මේ අතර පවතින ප්‍රශ්න හමුවේ තමාට ආතතියක් ඇති බව පැවසූ කබ්රාල් මහතා තමා ඒ ආතතිය සතුටු සිතින් දරා ගන්නා බවද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරසාරමේ නම් අඩුවක් නැහැ නේද
එහෙම ගියොත් තමන්ට කැමති අතයට ගණුදෙනු සහ දේශපාලන පත්වීම්වලට කොන්දේසි වැටෙනවා. මේ අය IMF එකට ආයේ කාටවත් යන්න ඉඩ තියන එකකුත් නෑ රට බිංදුවටම කාලා දාපුවාම. ධීවරයොයි, ගොවියොයි නෑ කියන්නෙ කන්න නැතුව ප්‍රංශ විප්ලවය කාලෙ වගේ වෙයි.
ඉතාම හොඳ තීරණයක් මැතිතුමනි.
අපිට පේනව තමුන් කලමනාකරන විදිය, මිනිසුන්ට අවශ්‍ය කෑම බීම නෑ වරායෙ හිරවෙල ඩොලර් නැතිකමට. ඔහේලට ඒව දැනෙන් නෑ දුප්පත් අපටයි ඒව දැනෙන්නෙ, පන්ඩික කම් නැතිව IMF එකට යන්න ආධාර ගන්න.
එහෙන් ගත්තොත් පාටි දාන්නයි කන්න බොන්නයි වියදම් කරලා ඉතිරිවී ඇත්නම් විදෙස් ගිණුම්වල තැන්පතු පටන්ගන්නයි බැරිවෙනවා නේද.
රටට හෙනගැහුවත් කමක් නැහැ ඒකටනම් යන්න එපා. ඒකට ගියොත් කොමිස් ගහන්න බැහැ.
මේ අදක්ෂ තක්කඩි විවිධ රටවලින් ණය ගන්නවා. ඔහු දෙන්නේ තාවකාලික විසඳුමක් පමණයි.
මුල්‍ය අරමුදල වෙත ගියහොත් පළමුව මොහුට රැකියාව නැතිවේ. දෙවනුව චන්ද ගුණ්ඩු ලෙස භාණ්ඩාගාරයේ මුදල් බෙදීමට නොහැකිවේ . මුල්‍ය අරමුදලවෙත නොයාමට හේතුව එයයි . තම රැකියාව රැකගැනීම වෙනුවෙන් රටක් බංකොලොත් කිරීම වෙනුවෙන් මොහු ඉතිහාසගත වෙනු ඇත.
මෙයාල කට්ටිය එකතුවෙලා මුළු රටම බංකොලොත් කලා.
කොන්දේසි ඕනෙම ණයකට අදාලයි. චීන ණයටත් කොන්දේසි ඈත. "රටේ සම්පත් විකුණන ලෙසටත් විශ්‍රාම වැටුප් කප්පාදු කරන ලෙසටත් විවිධ කොන්දේසි ඉදිරිපත් කරනු ඇතැයිද මහ බැංකු අධිපතිවරයා කිවේය." දැනටමත් රට විකුනලා ඉවරයි.
ඔය කිව්ව ලිස්ට් එකට තව හොරකම් කරන්නත් බැරි කරනවලු.
කොහොමද තමන්ට ගෙවන ගාන කප්පාදු කරන්න දෙන්නේ. මොනව කලත් අන්තිමට මූල්‍ය අරමුදල වෙත යන්න වෙනව. මෙගා රාජ්‍ය සේවය, මගඩිකාර මන්ත්‍රීලට ප්‍රතිලාභ පලාත් සභා දහස් ගනන් ප්‍රාදේශීය සභා නියෝජනය කප්පාදුව විය යුතුයි. රට නිකම්ම ගොඩ යයි. හොරු වැඩි තැන වැඩ කරන අය නිකම් ඉන්නවා.
එපා යන්න. මොලේ තරම.
කරුණාකර කියනවද ඔය කොන්දේසි මොනවද කියල. අනිත් කාරණා තමා, ඔය කොන්දේසි යෝජනා කරන්නේ අයි.එම්.එෆ් එකද ශ්‍රී ලංකා ආණ්ඩුවද? බලය තබා ගැනීම සඳහා ඕනෙම ගිනි පොලි රටකින් ණය ගෙන ඒවායෙන් ලැබෙන කොමිස් රස නිසාද අයි.එම්.එෆ් එකට යන්න අකමැති. වැඩිදුර විස්තර පහතින් ලබාගත හැක.
මෙච්චර කල් රටේ සම්පත් වික්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවටද? මෙයාගේ ආතතියෙන් රටේ ආර්ථිකය විනාශ වුනේ මිස රටේ ආර්ථිකයට කිසම ප්‍රයෝජනයක් නැහැ. ඇත්තටම කිව්වොත් මේ කබ්රාල්, පී බී ජයසුන්දර සහ අර්ජුන් මහේන්ද්‍රන්ලා විශාල වැටුප් සහ වරප්‍රසාද ලබා ගැන රටේ ආර්ථිකය විනාශ කළා. ඔවුන්ගෙන් රටට කිසිම ප්‍රයෝජන නැත.
පක්ෂ පාට බදාගෙන එක රටක මිනිස්සු වෙලත් රණ්ඩු වෙන බැන ගන්න මිනිස්සු ඉන්න රටක් මේක.ඒ මාන්සකිකත්වය නැති වන තාක් කල් මෙම රට දියුණු නොවන අතර දුෂ්ට දේශපාලුවන් රජ කරනවා.දැන්වත් එය තේරුම් අරගෙන බුද්ධියෙන් කටයුතු කරන්න.චන්දය ලං උනාම මෙම දුශිතයෝ ටික අපිට නොදැනීම අපව නැවත රවටනවා.ඒකට අහුවෙන්න එපා.අපේ දුර්වලතාවයක් තියනවා අපි හැමදේම ඉක්මනට අමතක කරනවා.ඒකෙන් දේශපාලුවන් ප්‍රයෝජනය ගන්නවා.චන්දය ලං උනාම අත්‍යවශ්‍ය දේවල් කිහිපයක් මිල අඩු කලාම අපිඅට ,ඒ සියලු දේවල් අමතක වෙනවා.එසේ නොවී මොවුන්ගේ අදුරදර්ශී වැඩ කොමිස් ගැහිලි හොදින් මතක තබා ගෙන එන චන්දයේදී වත් බුද්ධිමත්ව මොවුන්ට පාඩමක් උගන්වමු