IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘කැවුමා’ තවදුරටත් රිමාන්ඩ්

කවිතා සුබසිංහ 
 
කෝටි 500 දියමන්ති මංකොල්ලයේ ප්‍රධාන සැකකරු වන කැලුම් ඉන්දික නොහොත් “කැවුමා” අප්‍රෙල් 5 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (22) නියම කළේය.

සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පවසා සිටියේ සැකකරු මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයකු බවට ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය වී ඇති හෙයින් මධූෂ්ට එරෙහි පතාල සාමාජිකයන්ගෙන් සැකකරුගේ ජීවිතයට මරණීය තර්ජන ඇති බවයි.

ඒ හෙයින් මහර බන්ධනාගාරයේ සිටින සැකකරු වෙනත් බන්ධනාගාරයකට මාරු කර යවන ලෙසත්, මෙම මරණීය තර්ජන මහර හා මැගසීන් බන්ධනාගාර දෙකේ ඇති බැවින් එම බන්ධනාගාරය හැර වෙනත් ඕනෑම බන්ධනාගාරයකට සැකකරු මාරු කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී  හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තිබී සොයා ගනු ලැබ තිබේ.
 
සැකකරු බී 3171 දරණ නඩුවට අදාළව මාර්තු 27 වැනි දා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියෝග ලබාදෙන ලෙස මහරගම පොලිසිය විසින් විවෘත අධිකරණයේදී දී ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී.
 
විත්තිය වෙනුවෙන් ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා විත්තිකරු වැලිකඩ හෝ කොළඹ රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබීමට නියොග කළ අතර මහරගම පොලිසියේ ඉල්ලීමට අනුව  මාර්තු 27 වැනි දා සැකකරු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද අවසර ලබා දුන්නේය.
 
දොඩන්දූව වඩුගේ කැලුම් ඉන්දික සම්පත් නැමැත්තා කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී ඉකුත් 4 වැනි දා අත්අඩංගුවට ගෙන 5 වැනි දා මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසුව රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියෝග ලබා දී තිබු අතර 10 වැනි දා නැවතත් මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 22 වැනි දා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණි.
 



අදහස් (0)

‘කැවුමා’ තවදුරටත් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 639 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site