(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා මර්දන එන්නත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇත.
ඒ සඳහා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට විශේෂ කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිව තිබේ.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව,සිනොවැක් බයෝටෙක් සහ කෙලුන් ලයිෆ්සයන්සස් සහ පුද්ගලික සමාගම එක්ව කොරෝනා මර්දන එන්නත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට එමගින් යෝජනා කර ඇත .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කර්මාන්ත ශාලා හදලා ඕවා මෙහෙ නිෂ්පාදනය කරන කොට මාස 06ක් වත් අඩුම තරමේ ගතවේවි. කරුණාකර එන්නත් දැනට නිෂ්පාදනය කරන සමාගමකින් ඇණවුම් කර ඉදිරි මාස 2-3 තුළදී ජනගහනයෙන් 30%ක් වත් එන්නත් කරගන්න බලන්න. නැතිනම් වෙන්නේ මහා විනාශයක්... මේක ජීවිතය සහ මරණය අතර සටනක්.. මේ වෙලාවේ කල්ගතවන, මිල අධික සහ අපහසු තීරණවලට යන්න එපා...
විද්වතුන් කොතෙක්වර පෙන්වා දුන්නත්, සංචරණ නීති නොදමා ලෙඩේ බෝවෙන්නට ඉඩ හැරියේ මේ බිස්නස් එකට පසුබිම හදාගන්න වත්ද? අනේ මන්දා ... දෙවියෝ දනී.අපි නොදනී.
ඇන්ටිජන් එක්කෙනාද හදන්නේ ?
කාව රවට්ටන්ද? ලංකාවේ ජනතාව හැමදාම රැවටුණු එක තමයි වුණේ..
රට මේ වගේ බැරෑරුම් අවස්ථාවක තියෙද්දි මේ ආකාරයේ විහිළු රටට සැපයීමෙන් රටවැසියා ප්‍රීතිමත් කිරීමට ඇමතිතුමිය ඇතුළු රජය ගන්නා උත්සාහයන් අප ඉතාමත් අගය කළ යුතුමයි.
පමාවී හෝ ගත්ත ඉතාමත් හොඳ පියවරක්... කැබිනෙට්ටුවේ ඉන්න බහුතරයක් වයෝවෘද්ධ නිසා නව නිපැයුම් ගැන අදහස් ඉදිරිපත් නොවේ. ඔවුන් යොමු වන්නේ.. සහන මලු, පොල්ගෙඩි මැනීම් වලට... ඡන්ද දායකයන් වෙනුවෙන් වාරණ නියෝගය ඉවත් කිරීම වැනි යල් පැනගිය පියවර පමණි.
සහන මලු සහ පොල්ගෙඩි මැනුම් යන්ත්‍ර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇත...
සර්.., අසමත්ලු.. !!
සැමන් ටින් එකක් හදාගන්න බැරුව. රට චීනාට විකුණන්න සැලසුම් හදන ආණ්ඩුවක්... දැන් කෝවිඩ් එන්නත හදනවලු. හැමදාම කළේ රඟපෑම් විතරයි. ඒත් දැන් මේ සෙල්ලම් කරන්නේ මිනිස් ජීවිත එක්ක කියලා තේරෙන්නේ නැද්ද? මේ කාලකණ්ණින්ට...ඕවා හදන්න දේශපාලකයින්ට කොමිස් එහෙම ගණන් හදලා එනකොට තව දාහක් දෙදාහක් මැරිලා තියෙයි.
මේක පැණි ධම්මිකට දුන්නා නම් පට පට ගාලා හදලා දේවි...!!!
එන්නත මෙරටදීම හදලා දෙනකොට රෝගීන් මැරුණු තැන් වල ගසුත් පැළවෙලා තියේවි. මේවට අපි කොහෙන් හිනා වෙන්නද?
මෙයාලා දවල් හීන දකිනවා. මෙහෙ මිනිස්සු මැරෙනවා. ඇල්පෙනෙත්තක් හදන්න බැරිව රට වටේට මුහුද තිබිලා සැමන් රටින් ගේන අය කියනවා. වැක්සීන් හදනවලු... මොන කතාද මේ.. දෙයියනේ...!!!
අඩුම ගානේ මේ ගැන වෙබ් පිටුවක් වත් නැහැ. මෙය තවත් නාට්‍යයක් විය හැකියි.
තව කොච්චර කාලයක් යයිද ඕක මිනිස්සුන්ට ලැබෙන්න..?
"චීනෙන් නිකන් දෙනවා නම් හොරිත් හොඳයි, නිකන් ඉන්න එකේ කහ කහ ඉන්න" කියලා හිතන්නේ නැතුව ඕක හදන්න පටන්ගන්න කලින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබෙනකල් හිටියොත් නරකද?
කෝවිඩ් අද, හෙට ඉවර වෙන්නේ නැති බව අවබෝධයට ගන්න. එන්නත වාර්ෂිකව ගන්න වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
මේකෙ ප්‍රතිචාර දැක්කාම තේරෙනවා.., අපිට රට ගැන තියෙන ආකල්පේ. ඒ කියන්නේ ලංකාවේ ඉන්නේ මුකුත් කරගන්න බැරි බූරුවන් වගේ ජාතියක් කියලා.. ඒක ඇත්ත. අපි මහ බූරුවන්... සුද්දො නැතිනම් මුකුත් නැහැ.
..රටේ තියෙන සම්පත්වලින්වත් හරියට වැඩක් ගන්න බැරුවයි ඉන්නේ. කටින් බතල හිටවනවා.
ඇත්තෙන්ම අපට කළ හැකි නම් ඉතාමත්ම හොඳයි.. මොකද මෙය අද හෙට ඉවරවෙන දෙයක් නොවෙන බවට පැහැදිලි පරිසරයක් තිබෙන බැවිනි. එබැවින් කටින් නියඟලා වැල් හිටවනවට වඩා, විච්චූරණ කැටයම් සංදර්ශන වලට වඩා සෙමින් හෝ වැඩේ පටන් ගත්තොත් රටට හොඳයි...
ඇත්තටම බැලුවොත් ලංකාවේ මිනිස්සු රටට අාදරේ නැහැ තමයි. ඒක සෑම සිද්ධියකදීම පේනවා. ඒ නිසා අපි හැමදාම එකතැන ඉන්නවා. දේශපාලකයොත් ජනතාව විදිහට අපිත් වැරැදියි. ඔය දේශපාලකයින් තෝරාගත්තෙත් ගේ ළඟ පාරට තාර දාගන්න, රස්සාවක් ගන්න, ස්ථාන මාරුවකට සපෝර්ට් ගන්න, කොන්ත්‍රාත් එකක් ගන්න වගේ දේවල් හිතලා. රට ගැන, රට පාලනය ගැන සාධාරණ සමාජයක් ගැන හිතලා ඡන්දේ දුන්නා නම් අඩු ගානේ ඡන්දෙදීවත් රට ගැන හිතුවා නම් මේ වන විට අපි එන්නත් සොයා ගන්න රටක්...
බයියන් සතුටු කරවන ප්‍රවෘත්තියක්... හොඳ වෙලාවට යහපාලන ආණ්ඩුව නැත්තේ? නේද බයියෝ..?
මිනිස් ජීවිතය සමග සෙල්ලම් කරමින් ඉඳලා දැන් තමයි වැක්සින් හදන්න මතක් වෙලා තියෙන්නේ. අපේ රටට වැක්සින් ගෙන්න ගන්න වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන්න කියලා විපක්ෂ නායක පාර්ලිමේන්තුවේදී කීවම ඇතැම් මෝඩ මන්ත්‍රීවරු ඒක විහිළුවකට ලක් කළා. දැන් තේරෙනවානේ එදා කියපු කථාව හරි කියලා.
සිනොවැක් කියන්නේ සාර්ථක තත්වය 50% -60%ත් අතර තියෙන එන්නතක්...!!!
රනිල්ගේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව වගේ තමයි.
ඔව් ඔව්.., ඒකත් ටෙන්ඩර් නැතුවම ජෝජ් ස්ටුවර්ට්ට දෙයි. එයාට අමතරව ඇවන්ට්ගාඩ් මුදලාලි හදයි ෆැක්ටරියක්. දෙන්නම ගජමිතුරු කල්ලියේ....