IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කොවිඩ් සිරුරු භූමදානයට ඉරණතිව් තෝරාගැනීම ජාතිවාදයක් ඇතිවිය හැකියි

 (ලක්ෂ්මී ජයකොඩි)
කොරෝනා වයිරසය ආසාදනය වී මිය යන මුස්ලීම් ජාතිකයින්ගේ මෘතදේහ භුමිදානය සඳහා කිළිනොච්චිය ඉරණතිවු දුපත තෝරා ගැනීමේ තිරණය මගින් ජාතිවාදයක් ඇතිවිය හැකි යැයි  ශ්‍රී ලංකා මුස්ලීම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ කොරෝනා වයිරසය වැළදී මිය යන පුද්ගලයින්ගේ මෘතදේහ භූමීදානය සඳහා කිළිනොච්චිය ඉරණතිවු දුපත තෝරා ගත් බවට අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදි කෙහෙළිය රඹුක්වැල්ල මහතා කළ දැනුම්දීම පිළිබඳව ප්‍රතිචාර දක්වමිනි.

හකිම් මහතා පෙන්වා දෙන්නේ මෙම තීරණය මගින් කොරෝනා මරණ භූමදානය සම්බන්ධයෙන් රජය මීට පෙර ගෙන තිබු ස්ථාවරය නිවැරදි යැයි පෙන්වීමට උත්සහා ගෙන ඇති බවයි.

දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා රජයේ මෙම තීරණය පිළිබඳව ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කිරීමේ අරමුණින් ආණ්ඩුව ඉරණතිව් දුපත හදුන්වා දී ඇති බවත් දෙමළ ජනතාව මේ සම්බන්ධයෙන් ඉතා අවබෝධයෙන් කටයුතු කළ යුතුව ඇති බවත්ය.



අදහස් (20)

කොවිඩ් සිරුරු භූමදානයට ඉරණතිව් තෝරාගැනීම ජාතිවාදයක් ඇතිවිය හැකියි

jayasekara Tuesday, 02 March 2021 10:26 AM

මේ මොන වදයක්ද? පුච්චන්න එපා කියලා කෑ ගහලා. ජාත්‍යන්තරේටත් කියලා. දැන් බයිලා ගහනවා. මේ අය තමයි රට අවුලන්නේ. ඕකත් හරියන්නේ නැතිනම් දෙන්න වෙනවා ගෙදරම භූමදානය කරගන්න කියලා.

:       18       77

BamunuarachchiWednesday, 03 March 2021 04:27 AM

එහෙම ගෙදර වලලන්න දෙන්න බැහැ. මොකද අපි බොන්නේ ඒ ගේ ළඟ ලිඳේ වතුර. ඕන තැනක වලලගන්න අපි ඉන්න හතර දික්බාගෙක වලලන්න දෙන්නේ නැහැ.

:       3       4

Raveendra Tuesday, 02 March 2021 11:35 AM

ජාතිවාදී කටකින්ම එය ප්‍රකාශ කිරීම ඉතාමත්ම හාස්‍යජනකයි.

:       8       87

Nilantha Tuesday, 02 March 2021 11:50 AM

ඇයි මේවා මුස්ලිම් කාත්තන්කකුඩි රාජධානියේ වළලන්නේ නැත්තේ? මුස්ලිම් පල්ලිවලට අයිති සුසාන භූමි වුණත් කමක් නෑ. හරියට කරන විදිහක් ජනාධිපතිට හා අගමැතිට ට්වීට් කරත් ඒ අය බැලුවේ නෑ. මේ අය තව සැරයක් ජිනීවා රවට්ටලා රටම අනතුරේ දාන්න හදන්නේ...

:       2       70

ගාමිණි. Tuesday, 02 March 2021 12:27 PM

එහෙනම් ඉතිං ගෙදර මිදුලේ වැලලීම වඩාත්ම හොඳයි. මොකද නිතර සිහිපත් කරලා යාඥා කරන්නත් ලෙහෙසියිනේ...

:       6       43

jayasekaraWednesday, 03 March 2021 04:44 AM

ඔව් අනික... කන්‍යාවියන් ළඟට යනවා බලන්නත් පුළුවන්නේ... හොරෙන් හොරෙන්...

:       1       3

fairoos Tuesday, 02 March 2021 12:29 PM

මේවා නිකන් බොරු නාඩගම්...!!!

:       5       41

Bamunuarachchi Tuesday, 02 March 2021 12:53 PM

උතුරේ ජාතිවාදයක් ඇතිවෙනවා නම්..., දකුණේ වැලලුවත් ඒ ජාතිවාදය ඇතිවෙනවා. එහෙනම් පුච්චන්න..

:       8       33

Ruhunu Tuesday, 02 March 2021 01:09 PM

දැන් ප්ලෑන් කරන්නේ තමන් කැමැති තැනක භූමදානය කරන්න අවසර ගන්න.

:       5       30

පිටිගල මිලානෝ Tuesday, 02 March 2021 01:47 PM

ඒකනෙ මම නිතරම කිව්වේ මිනී ටික සෞදි අරාබියට යවන්න කියලා. එතකොට ජාතිවාදයක් ඇතිවෙන්නෙ නැහැනේ...

:       9       30

gamage Tuesday, 02 March 2021 02:38 PM

ඉස්ලාම් භක්තිකයකු වීම වරදක්ද? මොනවා කෙරුවත් තේරුම් ගන්නේ වැරැදි විදිහට... !!!

:       22       23

PradeepWednesday, 03 March 2021 02:41 AM

ඉස්ලාම් භක්තිකයෙකු වීම නම් කිසිසේත්ම වරදක් නොවෙයි. නමුත් ඔවුන් පමණක් ජීවත්ව සිටිය යුතුයැයි සිතා කරනු ලබන ක්‍රියාවන් තමයි වරද...

:       3       8

BamunuarachchiWednesday, 03 March 2021 04:29 AM

නැහැ, මිථ්‍යා මතවල එල්බ ගැනීමේ වරද..?

:       2       5

වීරවිජේWednesday, 03 March 2021 05:21 AM

ඒක තේරුම් ගන්න අනිත් රටවල වෙනත් ජාතීන්ට, වෙනත් ආගමිකයන්ට, ආගමකට කැමති නිර්ආගමියකයන්ට කරන දේවල් වලින්... හොයලා බලන්න. ඔය ආගම එපාම වෙයි...

:       1       6

bandara Tuesday, 02 March 2021 03:11 PM

හොඳම තැන හකීම් මහත්තගේ ගෙදර මිදුල...

:       9       48

Thamara Tuesday, 02 March 2021 05:32 PM

මේ ඔක්කොම පිටුපස රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණ ක්‍රියාත්මකයි.

:       2       2

Mini Wednesday, 03 March 2021 01:30 AM

කමිටුව මාස 06ක් පොල් ගෑවද? ලෝකේ පුරාවටම අවසර දෙද්දී මෙහෙ විතරක් වතුරෙන් අවදානම. ආණ්ඩුව මහ විකාරයක් වෙලා...

:       1       4

Chinthaka Wednesday, 03 March 2021 02:58 AM

හකීම්, මරික්කාර්, සාලි, මනෝ ගනේෂන්, සුමන්තිරන්, සම්පන්තන් වගේ අයට නම් ජාතිවාදය ඔලුවටම ගහලා වගේ.. අනිත් අයටත් ඒවා ඇතුල් කරනවා ඡන්ද ටික බලාගෙන...

:       2       1

wicky Wednesday, 03 March 2021 04:30 AM

මොන කරුමයක්ද මේ? හැමෝටම සම තැන තියෙන්න ඕනෑ කියලා කියනවා. ඊට පස්සේ එයාලට විතරක් එක එක විදිහේ වෙනම නීති තියෙනවා. කෝ මේ එක රටක්... එක නීතියක්...?

:       1       2

Sri Lankan Wednesday, 03 March 2021 06:32 AM

කමෙන්ට්ස් ටික දැක්කාම හිතෙනවා හකීම් හරි කියලා... මෙහෙමත් රටක්...

:       5       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 5 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 591 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site