
(යොහාන් භාසුර)
‘කොවිඩ්’ පරීක්ෂණ අකර්මණ්‍ය කර අහඹු නියැදි පරීක්ෂණ සිදු කිරීමේ මාර්ග අහුරා දමමින්, රටට ඇතුළුවන සංචාරකයන්ගේ සහ ගුවන් මගීන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සම්පූර්ණයෙන්ම නතර කිරීමෙන් නැවත කොවිඩ් රැල්ලක් ඇති වීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශය මේ දක්වා ‘කොවිඩ්’ සමාජ ගතවීම ගැන පැහැදිළි ප්‍රකාශයක් නොකළ ද සමාජගතවූ වසංගතයකට රට මුහුණ දී සිටින බවත් විද්‍යාත්මක ආවේක්ෂණක් නොමැතිව එය පාලනය කල නොහැකි බවත් රවී කුමුදේශ් මහතා කියයි.
විද්‍යාත්මක පුරෝකථන සදහා ඇති මාර්ග හිතාමතාම අහුරා ඇතැම් විශේෂඥයින් තවත් රැළි ගැන පුරෝකථනයන් කරන බව කී රවී කුමුදේශ් මහතා තවත් රැල්ලක් ඇතිවුවහොත් එයට එවැනි නිලධාරීන් වගකිය යුතු යැයි ද රවී කුමුදේශ් මහතා සඳහන් කරයි.
COMMENTS
මෙන්න මෙයාලගේ විකාර නොදා ඉන්නවද? ලේ රහ විඳින පිශාචයින් වගේ රටේ ප්‍රශ්න රහ විඳින මානසිකත්වයක් මේ මහත්වරුන් ට තියෙන්නේ.. එහෙම රැළි එනවා නම් එන්නත්කරණය නවත්වලා දමන්නයි වෙන්නේ.... ඇයි ඉතින් ප්‍රයෝජනයක් නෑනේ...
තව දුරටත් කෝවිඩ් රැලි, කෝවිඩ් රැලි ගගා, එක එක නීති රෙගුලාසි දමා ගනිමින්, තව දුරටත් කොන්වී, හැංගී සිටීම විහිළුවක්. කෝවිඩ් සමග ජීවත් වීමට රජයට, ජනතාවට පමණක් නොව නිලධාරීන්ද පුරුදු විය යුතුයි. කැමති උනත්, අකමැති උනත්, කෝවිඩ් අපගේ ජීවිතවල කොටසක් වෙලා අවසන්.
නියමාකාරව එන්නත ලබා ගත් අයට මේ වනවිට කිසිදු පරීක්ෂණයකින් තොරව රටවල් ගනනාවකට යන්න හැකියාව තිබනවා.ලංකාව කරන්න ඕනේ හොර එන්නත් සහතික සහ PCR සහතික ලබා ගෙන එන අයව පාලනය කර විශාල දඩ මුදලක් අය කිරීම මිසක් නියමාකාරයට එන්නත් දෙකම ලබා ගත අයව අපහසුවේ දැමීම නොවේ.මේ නිසාම එන්න හිතාගෙන සිටින සංචාරකයින් සහ ලාංකිකයන් ගේ පැමිණීම අඩුවෙනවා
කියව කියවා නොයිද හැමෝම තමන්ගේ වගකීම හරියට ඉටු කරානම් හරි
‘‘කෝවිඩ් ව්‍යාප්තිය ජනතාවගේ ක්‍රියාකාරීත්වය මතයි‘‘ (ශවේන්ද්‍ර සිල්වා)... ඔය කියන්නේ හැම රැල්ලක්ම ආවේ විදේශවලින් තමයි... ජනතාවට චෝදනාකරන වන්දිභට්ටයින්ගේ දැනගැනීම පිණිසයි...
රන්ජන් කියන දේ හරි... කොළඹ වැඩකරන රජයේ නිලධාරින් බොහෝමයකට එන්නත සඳහා හොර සහතිකය ඇත...
කොරෝනා දැන් ඉවරයි .තවමත් හදන්නේ කොරෝනා වවන් කන්න .ලෝකයේ කිසිම රටක් දැන් කොරෝනා ගණන් ගන්නේ නෑ .පාඩුවේ වැඩ .ඒකට ලංකාවේ ඉන්න හොර හැත්ත බලන්නේ කොහොම හරි බොරුවෙන්ම ජීවත් වෙන්න
හොරාගේ අම්මා පේන කියනවා!