IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොවිඩ් මර්දනයට චීනයේ සහාය දිගටම

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කොවිඩ් පාලනය සඳහා චීනයේ සහාය දිගටම ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (27) දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මෙසේ දැනුම් දුන්නේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කතානායක නිල නිවෙසේදී අද (27) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය.

කොවිඩ් වසංගතය පාලනය කිරීම සදහා දෙරටම උපරිම කැපවීමකින් කටයුතු කරන මොහොතක ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලනය සදහා චීන රජය නිරතුරුව සහයෝගය ලබාදෙන බවද චීන තානාපතිවරයා මෙහිදී දැනුම් දුන්නේය .

එසේම දෙරට අතර ආර්ථික සහ මූල්‍ය සහයෝගීතාව මෙන්ම අන්තර් පාර්ලිමේන්තු සබදතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්ද කතානායකවරයා සහ චීන තානාපතිවරයා අතර මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණ .

දිගු කාලීන මිතුරෙකු ලෙස චීන රජය ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය පිළිබදව කතානායකවරයා සිය කෘතවේදීත්වය චීන රජයට මෙහිදී පළ කළේය.



අදහස් (2)

කොවිඩ් මර්දනයට චීනයේ සහාය දිගටම

Sri Lanka Friday, 27 August 2021 12:41 PM

හොරාගේ අම්මගෙන් පෙන ඇසීමක් ,නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ

:       0       6

Sena Friday, 27 August 2021 02:39 PM

ඔය කියන්නේ අපිට වෙන රටවල් වලට වඩා වැඩි ගාණට තව එන්නත් විකුණනවා කියන එක නේද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 63 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site