(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් වසංගත සමයේදී ජනතාවට සහන සැලසීම තහවුරු කිරීම සඳහාවු "කොවිඩ් 19 විධිවිධාන පනත් කෙටුම්පත " පාර්ලිමේන්තුවට ලබන මස මුල් සතියේදී ඉදිරිපත් කෙරෙන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි.
කොවිඩ් වසංගත කාලපරිච්ඡේදයේදී ඉටු කර ගැනීම මගහැරෙන යම් යම් ප්‍රශ්න පසුකාලීනව හෝ ඉටුකරගැනීම සඳහා ජනතාවට අවස්ථාව සැලසීම නීතියෙන් තහවුරු කිරීම හා වසංගත කාලයේදී ඔන්ලයින් ක්‍රමයට නඩු ඇසීමේ ක්‍රමවේදය නිත්‍යානුකුලව තහවුරු කිරීම යනාදීවු අරමුණු රැසක් මෙම පනත් කෙටුම්පත මගින් ඉටු කර ගැනීමට බලාපොරොත්තුවන බවද අධිකරණ ඇමතිවරයා කියයි.
පනත් කෙටුම්පත දැනට සකස් කර අවසන්ව ඇතැයිද එය ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බව ද අලි සබ්රි මහතා සඳහන් කරයි.
කොවිඩ් පාලනය කිරීම සඳහා සහ කොවිඩ් කාල පරිච්ඡේදයේදී ජනතාවට සහන සැලසීම සඳහා නීති ඇතුළත් ගැසට් නිවේදන ගණනාවක් ද රජය පසුගිය කාලයේදී නිකුත් කළේය.
COMMENTS
එන මාසෙ මුල..? ඇයි මේ හදිස්සියක්, චීන පනත වගේ හදිසි වුවමනාවක් නොවෙයිනේ...
බොහොම සරලයි...පළාත් සභා ඡන්දෙ ළඟ එනවා කියන කසකාරයෙක් තමයි මේක. සහන දෙන්න කියලා සල්ලි අච්චු ගහයි. ඊටපස්සේ ඉතින් ඩොලර් එක 220 වගේ සීමාවකට ආවම හරි ජොලි..
පෝර්ට් සිටි එක සම්බන්ධ පනතට කළින් ගෙන එන්න තිබුණේ මේ පනත නෙමෙයිද?
පනත නොවේ එන්නත ගෙන එන්න...
අණපනත් ගෙනාවට නම් ගැටළුවක් නැත.. එනමුත් ඒ ඒ අනපනත් ක්‍රියාත්මක කිරීමට මහජනතාවත් ජීවත්විය යුතු නොවේද?
කොරෝනා පනත් ගෙනෙන්නේ කාගේ වුවමනාවටද?
සෑහෙන කාලයක් මෙයාලා කොරෝනා අල්ලගෙන ඉන්න වගෙයි ලෑස්තිය..
69 ලක්ශයක් පමණ වූ අපේ රටේ සිංහල හරක්ගේ වැරැදිවලට කාටවත් දොස් පවරන එක වැරදියි. මේකෙන් ඉගෙන ගත්තේ බුද්ධ ධර්මය විශ්වාස කළාට ඇතැම් චීවර ධාරීන් සත 05 කටවත් මායිම් නොකළ යුතු බවයි. ඡන්දෙ දෙන්න කියපු හාමුදුරුවරු දැන් සොයාගන්නත් නැත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයෙන් ඉතිරිව ඇත්තේ ධර්මයම පමණි.
මෙච්චර කාලයක් හිටපු එකේ මේ වසංගතය ඉවරයක් වෙනකන්ම හිටියා නම් තමයි හොඳ. තව මහාමාර්ග හදන්න ඇවිදින ජිම් හදන්න රහමෙර නිෂ්පාදනය වැඩිකරන්න පර්මිට් දෙන්න, වරාය නඟරය සංවර්ධනය කඩිනම් කර එතන සුපිරි කැසිනෝ වගේ උතුම් ව්‍යාපාර පටන්ගන්න වගේ අද දවසට අත්‍යාවශ්‍යම කරුණු කාරණා බොහොමයක් කරන්න තියෙන එකේ ඔය කොරෝනා ගැන දඟල දඟලා ඉන්න වෙලාවක් කාටද තියෙන්නේ? අපිනේ ඒක හොඳටම කොන්ට්‍රෝල් කරේ. අර මද්‍රසා, හිජාබ් වගේ දේවල් තහනම් කරලා දැන් ඉවර ඇති නේද?