(ඩයනා උදයංගනී)
කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ළමා සහ තරුණ පරපුර මුහුණ දෙන ගැටලු උග්‍ර වී ඇතැයි යුනිසෙෆ් සංවිධානය පවසයි.
වයිරසය හේතුවෙන් ළමයින්ට සහ තරුණයින්ට ඇතිවූයේ සුළු බලපෑමක් වුවත්, කොවිඩ් වසංගතය නිසා ඇතිවූ විරැකියාව හරහා පවුල්වලට ආදායම් මාර්ග අහිමිවීම, අධ්‍යාපනය කඩාකප්පල්වීම, සූරාකෑමට සහ අපයෝජනයන්ට නිරාවරණයවීම සහ වෙනත් කාරණා හරහා ඔවුන් වැඩි වශයෙන් පීඩාවට ලක්ව ඇතැයි එම සංවිධානය සඳහන් කරයි.
කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් ළමයින්ට හා තරුණයන්ට ඇතිවන බලපෑම සම්බන්ධයෙන් වයස අවුරුදු 16 සිට තරුණ අවදිය දක්වා වයස්වල පසුවන්නන් 3,000කට ආසන්න පිරිසක් සමඟ සම්බන්ධ කරගනිමින් යුනිසෙෆ් සංවිධානය සිදුකළ සමීක්‍ෂණයකදී මේ බව හෙළි වී ඇත.
යුනිසෙෆ් සංවිධානයේ 75 වන සංවත්සරය වෙනුවෙන් ‘සෑම දරුවෙකුගේම අනාගතය ගැන නැවත සිතමු‘ යන මැයෙන් කොළඹ දී ඉකුත් දා පැවැත්වූ විද්වත් කථිකාවකදී මෙම කරුණු සඳහන් කෙරිණි.
එම සංවිධානය මගින් පැවැත්වූ සංවාද සඳහා සම්බන්ධ වූ ළමුන් හා තරුණයන්ගෙන් තිදෙනෙක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
එමෙන්ම අධ්‍යාපනය සඳහා තාක්ෂණය සහ ඩිජිටල් මෙවලම් නොමැතිකම හේතුවෙන් අධ්‍යාපනය අතහැර දැමීමේ සහ දරුවන් කොන් වීමේ අවදානමක් පවතින බවත්, ආහාර හිඟය හේතුවෙන් ද ඔවුන්ට ගැටලු ඇතිවන බවත් යුනිසෙෆ් සංවිධානය සඳහන් කරයි.
මඩකලපුවේ පදිංචි 20 හැවිරිදි ජාතුජන් මහේන්ද්‍රන්, කොළඹ පදිංචි 17 හැවිරිදි යුම්නා ශහීඩ්, රත්නපුර පදිංචි 20 හැවිරිදි භාග්‍යා අබේරත්න යන තරුණ තරුණියන් මෙහිදී අදහස් දැක්වූහ.
2025 දෙසැම්බර් මස 04
273
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
407
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොවිඩ් නිසා ළමා-තරුණ පරපුරේ ගැටලුවැඩි වෙලා
කිරි පුතා Thursday, 23 December 2021 06:14 PM
ගුරුවරුන් ගේ වැඩ වර්ජන මේකට අහුවෙලා නෑ වගේ