IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොවිඩ් නිසා නැවතුණු පෙර පාසල් විවිධ ප්‍රසංග පැවැත්වීමට අවසර

(ඩයනා උදයංගනී)

කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් නවතා තිබූ පෙර පාසල් වාර්ෂික විවිධ ප්‍රසංග පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අවසර දී ඇතැයි කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

ඒ අනුව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් වර්ෂ අවසාන විවිධ ප්‍රසංග පැවැත්වීමේ අවස්ථාව පෙරපාසල්වලට හිමිවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පූර්ව ළමා විය දරුවන්ගේ කුසලතා, ආත්ම ශක්තිම, ආකල්ප හා ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමට වර්ෂ අවසාන විවිධ ප්‍රසංග වැදගත් බව කී පියල් නිශාන්ත මහතා අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ සාකච්ඡා කර මෙම තීරණය ගත් බව ද කීවේය.

විවිධ ප්‍රසංග පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස පෙර පාසල් ගුරු සංගම් ඉල්ලීම් කර තිබූ බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

 



අදහස් (1)

කොවිඩ් නිසා නැවතුණු පෙර පාසල් විවිධ ප්‍රසංග පැවැත්වීමට අවසර

කමල් Wednesday, 30 September 2020 12:51 PM

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ පාථිකවග්ගයේ සිගාල සූත්‍රයේ සඳහන්ව තිබෙනවා උත්සව දර්ශනය පිණිස යෑම අපායමුඛ හයෙන් එකක් කියලා. තවද එම සූත්‍රයේ සඳහන්ව තිබෙනවා... නෘත්‍යගීතාදිය දකිනු අසනු පිණිස යෑමෙහි යහළුවීම මිත්‍රප්‍රතිරූපක වූ අපායසහාය වූ අමිත්‍රයාගේ එක් ස්වභාවයක් කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site