කොවිඩ්-19’ එන්නත මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 10 ක ණය මුදලක් අපේක්ෂාවෙන් රජය, ලෝක බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
ලෝක බැංකුවෙන් සහන ණය මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතරවාරයේදීම ආසියානු සංවර්ධන බැංකුව සහ යුරෝපා සංගමය යනාදියෙන් ද අරමුදල් ලබාගැනීමේ හැකියාව සම්බන්ධයෙන් ද රජය අවධානය යොමු කර ඇතැයි එම නිලධාරියා කීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් කෙරෙන ජාත්‍යන්තර එන්නත් වැඩසටහන යටතේ මෙරට ජනගහනයෙන් සියයට 20කට එන්නත ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය දැනටමත් දැනුම් දී ඇත.
ආනයනය කරන එන්නත සහ එහි පිරිවැය ඵලදායීතාව මත අදාළ එන්නත් ආනයනය කිරීමේ වියදම තීරණය වන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
ලෝක බැංකුව සමඟ සාකච්ඡා කරන අතරවාරයේදීම, එන්නත් මිලදී ගැනීම සඳහා ප්‍රදානයක් ලබාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි හෙතෙම කීය.
එන්නත් මිලදී ගැනීම සහ ඒවා ගබඩා කිරීමේ ක්‍රියාවලියේදී වැඩි වියදම් දැරීමට සිදුවනු ඇත්තේ ඍණ උෂ්ණත්ව තත්ත්ව යටතේ ඒවා ගබඩා කිරීමේ ක්‍රියාවලියට යැයි ද ඔහු කීවේය.
සෞඛ්‍ය සේවකයන්ට මුලින්ම එන්නත ලබාදෙන බවත් ඊට පසුව එන්නත් ලබාදීමේ දී ප්‍රමුඛත්වය දිය යුත්තේ කාටදැයි තීරණය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් මේ වනවිට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
ශ්‍රී ලංකාව එන්නත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉක්මන් කළ යුතු යැයි ද මෙරටට කොතරම් ඉක්මනින් එන්නත ලැබෙන්නේ ද යන්න තීරණය වන්නේ එන්නත කොතරම් ඉක්මනින් එන්නත ඇණවුම් කරන්නේ ද යන කරුණ මත යැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙක් පැවැසීය.
සන්ඩේ ටයිම්ස්
055
COMMENTS
දැන් දේශීය බෙහෙතක් ගැන තිබ්බ බලාපොරොත්තු අත් හැරලද?
දැන්ද සිහි කල්පනාව ආවේ? අනිත් රටවල් එන්නත දෙන්න පටන්ගෙනත් ඉවරයි.
ඒකෙනුත් අයියලා, මල්ලිලා ගාණක් ගහයි.
අපට යන වියදම මාලදිවයිනට ගෙවන්න කියන්න බැරිද?
මොකද අර පැණිය අසාර්ථකයිද?
අපේ කාලි පැණිය අපට හොඳයි. අපිට බටහිර බෙහෙත් එපා.
ලංකාවට මුදල් ආධාර දෙන්න එපා... දෙනවා නම් කෙළින්ම බෙහෙත් දෙන්න.
මොකටද ණය ගන්නේ? පැණි ඇවිල්ලා තියෙද්දී... රුසියාවෙනුත් නොමිලේ දෙනවා කිව්වනේ...!!!
කොත්තමල්ලි බිව්වත් (නොබිව්වත්) ලංකාවේ 99.5%කට නිකම්ම කොරෝනා හොඳ වෙනවා. ලංකාවේ 130,000 න් 1 ක් වත් මැරෙන්නේ නැත. එතකොට එකෙක් බේරගන්න රුපියල් කෝටි 13ක් වියදම් කරන්න ඕනෑද?
මේ බෙහෙත ගන්නෙත් හිඟාකාලා තමයි... කතාව නම් ලංකාවම ලෝකේ අතේ වගේ...
ධම්මික පැණියෙයි, මේ එන්නතෙයි වෙනස මොකක්ද? දෙකම 100%ක් අත්හදා බලලානේ අපේ රටේ මිනිස්සු යොදාගෙන පරීක්ෂණ කරන්න සමාගම් සැරසෙනවා වගේ. එහෙම එකකට ණයවෙලා සල්ලි ගන්නේ මොන එහෙකටද? ඔය එන්නත අසාර්ථක වෙන්න බැරි නැද්ද?
කෝටි ගණන් දීලා එන්නත් ගන්නේ මොකටද? කොරෝනාවලට හොඳ දේශීය පැණිවර්ග තියෙද්දී...
ණය මුදල අරගෙන වෙන කටයුතු සඳහා රෝල් කරන්නනේ හදන්නේ. ඊට වඩා හොඳයි ණය අරගෙන හිඟන්නන් කියලා රටේ නම පහළට දමනවාට වඩා ණය නොගැනීම...
කෝවිඩ්-19’ එන්නත මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක ණය මුදලක් අපේක්ෂාවෙන් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, යුරෝපා සංගමය, ණයක් ලබාගැනීමට හෝ කෝවිඩ්-19’ එන්නත හෝ මුදල් පරිත්‍යාගයන් ලබාගැනීමට රජය සාකච්ඡා පැවැත්වීම සහ වර්තමාන රජය සමග ලෝකයේ ප්‍රධාන මූල්‍ය ආයතන, ලෝකයේ දියුණු රටවල් සමග පවතින මිත්‍රත්වයක් පවත්වාගෙන තිබුණේ නම් අවශ්‍ය වන්නේ රජයේ ඉල්ලීම පමණි. කොවිඩ්-19’ එන්නත හෝ මුදල් පරිත්‍යාගයන් ලබාදීමට බටහිර රටවල් සහ ණය ලබාදෙන ආයතන ලංකාවේ සිදුවූ සහ සිදුවන මානුෂික අයිතිවාසිකම් එරෙහිව සිදුවන, කරන පිළිබඳ සොයාබැලීම් කෙරෙනු ඇත. මෙම කෝවිඩ්-19’ එන්නත දකුණට සහ සිංහල දේශප්‍රේමීන්ට පළමුව ලබාදීමට සිදුවනු ඇත. අනෙක් සියල්ල එසේ සිදුවෙද්දී කෝවිඩ්-19’ එන්නත ලබාදීමේදී පමණක් වෙනසක් රජය නොකරනු ඇත. රටේ ජනතාවට වර්තමාන රජයේ හැකියාවන් සහ දක්ෂතාවයන් හොඳින් හඳුනාගැනීමට හැකි අවස්ථාවක් පැමිණ ඇත...
බහුතර ශ්‍රී ලාංකිකයන් බුද්ධීමත්ව සිතනවාද?
මරු ආණ්ඩුව... ලෙඩ්ඩු මැරෙනවා... තාම ණය ගන්න තීරණය කරනවා.
එන්නත් ගන්න කොට රාජ්‍ය අතරේ ගිවිසුමකට එන්න.., අතරමැදි ජාවාරම්කරුවන් නැතුව. නැත්නම් වතුර එවයි. අනික රුසියන් එන්නත් ගැන කතාවෙනවා දැක්කා.. ඒකේ සඵලතාව තවම හරියට දන්නේ නෑ. පිළිගත් එන්නතක් ගන්න..
ඔන්න ඕකයි ලංකාවේ දේශපාලන ගොබිලන්ගේ දක්ෂතාවය. දේශීය ඖෂධ වර්ග නිර්දේශ නොකර ඒවාට කෙනෙහිලිකම් කර කොමිස් මුදල් වෙනුවෙන් පිටරට අත් දිගහැර හිඟාකනවා. ජාතියක අවසානයේ වසර කීපයක් මේ ගතකරමින් ඉන්නේ....
ඇයි එතකොට කෑගල්ලේ පැණිය? ADB එකට යන්නේ චීනෙන් ආයේ දෙන්නේ නැහැයි කිව්වද? පව් දෙයියනේ. මෙහෙමත් වැටිල්ලක්...
සල්ලි නැතිව ඔවුන්ට එන්නත් දෙන්න බැරිද?
ලෝක බැංකුවේ මහත්වරුනේ, ශ්‍රී ලංකාව නමින් හඳුන්වන මේ අපේ පුංචි රට හරිම වාසනාවන්ත, ඒ වගේම දකුණු ආසියාවේ තිබු වත්පොහොසත්කමින් දෙවන රට වශයෙන් තමයි 1948 දී ඉංග්‍රීසි ජාතිකයින් අපේ රටෙන් පිටවෙද්දී තිබුනේ. එදා ඉඳලා අද වෙනකම්ම රට පාලනය කල මෝඩ, දුෂිත, නුගත් බුද්ධි හීන, ජාතිවාදී ගෝත්‍රික පාලකයින් අපේ රට හොරා කෑවා. තවමත් හුරාගෙන කනවා. දැන් කන්න දෙයක් නැහැ. රටේ ජනගහනයෙන් 60% ක් පමණ දිනකට එක්වරක් පමණක් ආහාර සොයාගන්නා අන්ත දුප්පත් රටක් දැන් අපේ රට. කෝවිඩ් ආධාර කියලා ලැබුන විදේශ ආධාර කොහේ ගියාද දන්නේ නැහැ. එනිසා මහත්වරුනේ, අපේ රටේ ගෝත්‍රික පාලකයින් ඔබලාගෙන් ඉල්ලන ආධාර " මුදල් " වශයෙන්නම් දෙන්න එපා. දෙනවා නම් "ද්‍රව්‍යමය" ආධාර වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත එන්නත් පමණක් ලබාදෙන්න. එහෙම නැතිව මුදල් දුන්නොත් සුනාමි ආධාරවලට සිදුවුනදේම අනිවාර්යයෙන්ම සිදුකරනවා. සල්ලි බිල්ලන් පාලනය කරන රටක් මේක.