(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් ආසාදිත සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා මැතිසබයට දින දෙකක් පැමිණ එහි ස්ථාන කිහිපයක සැරිසරා ඇති බව සී.සී.ටී.වී කැමරා පරීක්ෂාවේදී පෙනී ගොස් ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.
එහෙත් ඔහු මුව ආවරණ පැළඳ සෞඛ්‍ය නීති නිසි ලෙස අනුගමනය කරමින් කටයුතු කර ඇති හෙයින් ඔහුගෙන් මැතිසබයට ලොකු තර්ජනයක් ඇතිවූ බවක් පෙනෙන්නට නැතැයිද හෙතෙම සඳහන් කළේය.
ඔහු මැතිසබයට පැමිණි කාල සීමාවේදී ඇසුරු කර ඇත්තේ ද්‍රවිඩ ජාතික මන්ත්‍රීවරුන් කිහිපදෙනකු පමණක් බව පාර්ලිමේන්තු පොලීසිය පවසයි.
සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇතැයිද දැනගන්නට ඇත.
සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයාට කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනා ගැනුණේ පෙරේදා(24) දිනයේදීය.
ඔහු මේ වනවිට නිවෙස් නිරෝධායනයට යොමු වී සිටී.
සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කොවිඩ් ආසාදිත මන්ත්‍රී මැතිසබයට දින දෙකක් ඇවිත්
ravin Monday, 25 October 2021 06:41 PM
අපෝ එහෙනම් ඕක මාස දෙකක්වත් වහන්න.. 225ම නිරෝධායනය කරන්න මාස 03ක්වත්... පොදුජනයාට කරදරවලින් තොරව ජීවත් වෙන්න පුළුවන් වේවි...!!!
Ruhunu Monday, 25 October 2021 07:25 PM
බොහොම ස්තුතියි ඔබතුමාට...
Perera Monday, 25 October 2021 11:28 PM
ඔබතුම ජාතික මෙහෙවරක් කරලා වගෙයි.