IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොවිඩ් ආසාදිතයන් සියයට 15ත් 20ත් අතර සංඛ්‍යාවකින් වැඩි වෙලා

(සුජිත් හේවාජුලිගේ )

රටේ කොවිඩ්  ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 15ත් 20ත් අතර සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇතැයි  කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය.

මේ තත්වය නිසා ජනතාව මේ මොහොතේදී අයුතු ලෙස ඒකරාශීවීමෙන්  වැළකී  බුද්ධිමත්ව  කටයුතු කිරීම වැදගත් බවද හෙතෙම සඳහන් කළේය.

රෝහල්වලට  දැනට ඇතුළත් කරනු ලැබ සිටින රෝගීන් සංඛ්‍යාව  7010 කි.

රෝහල්වල දැනට ඔක්සිජන් මත යැපෙන රෝගීන්  105 ක් සිටින අතර දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 55 ක් බව හම්දානි මහතා ප්‍රකාශ කළේය.

ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව කොවිඩ්  තෙවැනි රැල්ල අවසානයේ 1038ක් දක්වා ඉහළ ගිය අතර දැඩි සත්කාර ඒකකයන්හි  ප්‍රතිකාර ලැබූ රෝගීන් සංඛ්‍යාව 201 දක්වා ඉහළ  ගියේය.

ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව සහ  දැඩි සත්කාර ඒකකයන්හි  ප්‍රතිකාර ලබන  රෝගින් සංඛ්‍යාව මේ වනවිට  යම් පහළ  මට්ටමක පවත්වාගෙන යෑමට හැකිවී  ඇත්තේ එන්නත්කරණයේ බලපෑම නිසා හෙයින්  එන්නත්කරණයට  වැඩි වැඩියෙන් යොමු  වන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද  අන්වර් හම්දානි මහතා  ප්‍රකාශ කළේය.



අදහස් (1)

කොවිඩ් ආසාදිතයන් සියයට 15ත් 20ත් අතර සංඛ්‍යාවකින් වැඩි වෙලා

Sriland Friday, 19 November 2021 02:42 AM

දැන් වැස්ස කාලේ හැමෝටම සෙම් ලෙඩ මේකට තමයි ඔය කොරෝනා කියලා කියන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site