(සුජිත් හේවාජුලිගේ )
රටේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 15ත් 20ත් අතර සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය.
මේ තත්වය නිසා ජනතාව මේ මොහොතේදී අයුතු ලෙස ඒකරාශීවීමෙන් වැළකී බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත් බවද හෙතෙම සඳහන් කළේය.
රෝහල්වලට දැනට ඇතුළත් කරනු ලැබ සිටින රෝගීන් සංඛ්‍යාව 7010 කි.
රෝහල්වල දැනට ඔක්සිජන් මත යැපෙන රෝගීන් 105 ක් සිටින අතර දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 55 ක් බව හම්දානි මහතා ප්‍රකාශ කළේය.
ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව කොවිඩ් තෙවැනි රැල්ල අවසානයේ 1038ක් දක්වා ඉහළ ගිය අතර දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලැබූ රෝගීන් සංඛ්‍යාව 201 දක්වා ඉහළ ගියේය.
ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව සහ දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලබන රෝගින් සංඛ්‍යාව මේ වනවිට යම් පහළ මට්ටමක පවත්වාගෙන යෑමට හැකිවී ඇත්තේ එන්නත්කරණයේ බලපෑම නිසා හෙයින් එන්නත්කරණයට වැඩි වැඩියෙන් යොමු වන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කොවිඩ් ආසාදිතයන් සියයට 15ත් 20ත් අතර සංඛ්‍යාවකින් වැඩි වෙලා
Sriland Friday, 19 November 2021 02:42 AM
දැන් වැස්ස කාලේ හැමෝටම සෙම් ලෙඩ මේකට තමයි ඔය කොරෝනා කියලා කියන්නේ.