(ප්‍රින්ස් රත්නායක )
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තාවකාලික කථිකාචාර්යවරියකට කෝවිඩ් ආසාධිතව ඇති බවට සැලවීමත් සමග විශ්වවිද්‍යාලයේ සහ එම පීඨයට අදාළව සෞඛ්‍ය ආරක්ෂිත පියවර රැසක් ගත් බව සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා පැවසීය.
මහනුවර ප්‍රදේශයේ පදිංචි එම කථිකාචාර්යවරියට රෝගයේ මූලික ලක්ෂණ ඉකුත් සතියේ පහළවී ඇති අතර පරීක්ෂණයන්ගෙන් කෝවිඩ් ආසාධිත බවට තහවුරුව ඇත . ඒ වන විට ඇය විශ්වවිද්‍යාලයේ සිට නිවසට ගොස් තිබේ.
කථිකාචාර්යවරිය විශ්වවිද්‍යාලයෙන් බාහිරව නවාතැන් ගෙන ඇති බවත් එම කාලය තුළ විද්‍යාගාරයක කටයුතු කර ඇති බැවින් සෘජු සම්බන්ධතා පැවත්වූ දෙදෙනෙක් හුදෙකලා කර තැබීමට පියවර ගත් බව උපකුලපතිවරයා සඳහන් කළේය .
අද දිනයේ පීඨයේ සියළු සේවකයින් තාවකාලිකව සේවය වාර්තා නොකිරීමට උපදෙස් ලබාදී ඇති බවත් අදාළ සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කර ඇති බවද, සෞඛ්‍ය උපදෙස් අනුව ඉදිරි පියවර ගැනීමට කටයුතු යොදා ඇති බවට වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
91
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
738
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කෝවිඩ් ආසාදිතයකු නිසා සබරගමුව සරසවියට දැඩි ආරක්ෂිත පියවර