(ඉන්දිකා රාමනායක)

ගල් වැඩපොළවල් පවත්වාගෙන යන මුවාවෙන් බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස අධිබලැති  පුපුරණ ද්‍රව්‍ය ⁣කිලෝ 2000ට අධික ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු මාතර දී සහ ගන්දර දී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

විශේෂ කාර්ය බලකායේ දකුණු පලාත් විශේෂ ඒකකයට ලැබුණු තොරතුරු අනුව මෙම වැටලීම සිදුකර තිබිණි.

ඇමෝනියා නයිට්‍රේට් කිලෝ 2050ක්, ජෙලග් නයිට් කූරු 672ක් සහ සේවා නූල් මීටර් 500 මොවුන් බාරයේ තිබු බව විශේෂ කාර්ය බලකාය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ පුපුරන ද්‍රව්‍ය වැඩිදුර පරීක්ෂණ සඳහා පොලීසියට බාර දී ඇත.