IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කිලෝ 20 ක මත්ද්‍රව්‍ය පාර්සලයක් මධ්‍යම තැපැල් හුවමාරුවෙන් අල්ලයි

(ඉන්දිකා රාමනායක)

ආයුර්වේද පානයක් (ගී‍්‍රන් ටී) ලෙසට ඉතියෝපියාවේ සිට මෙරටට එවා තිබු ‘‘කාත්’’ නැමැති මත්ද්‍රව්‍ය කොළ කිලෝ 20 ක්  සහිත පාර්සල් කිහිපයක්  කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බාරයට ගත් බව පොලිස් මුලස්ථානය කියයි.

මෙම  පාර්සල් 2018-2019 වසර වල   මෙරටට එවා ඇති බවත් ඒවා බාර ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් රේගු නිලධාරීන් විසින්  සැකපිට විවෘත කිරීමේ දී එම පාර්සල් වල මත්වීම සදහා  භාවිතා කරන කාත් නැමැති මත් කොළ විශේෂයක් ඇති බවට  දැක සිද්ධිය  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාර දී තිබිණි.

කාත් නැමැති  මත්ද්‍රව්‍ය විශේෂ කොළ ජාතිකයක් බවත්  මේවා විදෙස් රටවල ත‍්‍රස්තවාදී මුහුදු කොල්ලකරුවන්  වැනි  පිරිස් වැඩි වශයෙන් භාවිතයට ගන්නා මත්ද්‍රව්‍යයක් බවද පොලිසිය පවසයි.

මෙම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ඒවා පසුව  යුරෝපා රටවලට  අපනයනය කිරීමට සුදානමක්  තිබෙන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

මේවා ශ්‍රී ලංකාවට එවා  ඇති පුද්ගලයන්ගේ ලිපින සොයා  ඔවුන් අත්අඩංගුවට ගැනීමට කි‍්‍රයා කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.



අදහස් (5)

කිලෝ 20 ක මත්ද්‍රව්‍ය පාර්සලයක් මධ්‍යම තැපැල් හුවමාරුවෙන් අල්ලයි

Asanga Friday, 14 February 2020 11:45 AM

කාත් කවුරුවත් නැති ‘‘කාත්‘‘

:       0       3

isini Friday, 14 February 2020 11:48 AM

මේවා අයිතිකරුවන් ඉන්න උත්තරීතර පාර්ලිමේන්තුවේදෝ මන්දා..?

:       0       104

kokilaa Friday, 14 February 2020 11:56 AM

මේවා අයිතිකාරයන් වරප්‍රසාදවලට මුලාවෙලා වගෙයි..

:       0       101

Walter White Friday, 14 February 2020 02:08 PM

ඉතියෝපියාවටත් වඩා ඔය මත්ද්‍රව්‍යයට ප්‍රසිද්ධ යේමනය, පොඩි ළමයි පවා ඒවා හපනවා. මෙහෙ බුලත් හැපිල්ල වගේ... හැබැයි ඊට වඩා ඇබ්බැහිවීම වැඩියි.. දවසේම නිකම් ඉඳගෙන කොළ හපහපා ඉන්නවා..

:       0       45

kamilini Saturday, 15 February 2020 11:52 AM

අයිති කරුවන් නැති හෙරොයින් මෙහෙමත් රටක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 41 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site