ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ තවුසන්ඩ් ඕක්ස් නගරයේ අවන්හලක සිදුකල වෙඩි තැබීමකින් 12දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මියගිය අය අතර පොලිස් නිලධාරියකු ද සිටින බවත් 10දෙනකු පමණ තුවාල ලබා ඇති බවත් බලධාරීහු පවසති.
පොලිසිය පවසන්නේ වෙඩි තැබීම සිදුකල බවට සැකකරන පුද්ගලයාද මියගිය අය අතර සිටින බවයි.
ඔහු සිය දිවි හානි කර ගන්නට ඇති බවට සැකකෙරේ. ඔහුගේ අනන්‍යතාවය හෙළි වී නොමැති අතර වෙඩිතැබීම සිදුකිරීමට හේතුව කුමක්ද යන්න අනාවරණය වී නොමැති බවද පොලිසිය පවසයි.
වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ අවන්හලේ 200ක පමණ පිරිසක් සිටි බවත් ඔවුන් සංගීත ප්‍රසංගයක් පවත්වමින් සිටි බවත් හෙළිවී ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කැලිෆෝර්නියා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 12 ක් මරුට