IMG-LOGO

කලාවැවේ - දඹුළු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කරේ

(කුෂාන් ජයවර්ධන)

ගල්කිරියාගම හා කලාවැව අවට ප‍්‍රදේශයට ඇද හැලෙන වර්ෂාවත් සමඟ අද (06) කලාවැවේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කිරීමට කලාවැව කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබේ.

මේ වනවිට කලාවැවෙන් කලාඔයට මුදා හැරෙන ජලධාරිතාවය තත්පරයට ඝණ අඩි 1971 ක් පමණ වේ. දඹුළු ඔය හා වෙනත් මුලාශ‍්‍රයන් මගින් මේ වනවිට කලාවැවට එක්වෙමින් පවතින ජලධාරිතාවය තත්පරයට ඝණ අඩි 5251 ක් පමණ වන බවත් මේ වන විට කලාවැවේ ජලධාරිතාවය අක්කර අඩි 93000 ඉක්මවා ඇති බවත් කලාවැව කාර්ය භාර ඉංජිනේරු කාර්යාලයේ ප‍්‍රකාශකයකු පැවැසීය.

අවශ්‍ය වෙතොත් එම දොරටු තවදුරටත් විවෘත කිරීමට සිදුවිය හැකි බැවින් කලා ඔය දෙපස පදිංචිකරුවන්ට අවධානයෙන් සිටින්නැයි එම ප‍්‍රකාශකයා වැඩි දුරටත් පැවැසීය.

මේ අතර දඹුළු ඔය ජලාශයේ ජලධාරිතාවයද මේ වනවිට අක්කර අඩි 8800ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එහි මුළු ජලධාරිතාවය අක්කර අඩි 9500කි.

ඒ අනුව එඹුළු ඔය ජලාශයේ ද හදිසි වාන් දොරටු තුනක් මේ වනවිට විවෘත කර තිබේ. ඉන් දෙකක් අඩි එක හමාරක් බැගින් ද අනෙක් දොරටුව අඩි එකක් ද වනසේ විවෘත කර තිබේ.

එමගින් මේ වනවිට දඹුළු ඔයට මුදා හැරෙන ජලධාරිතාවය තත්පරයට ඝණ අඩි 1985ක් වන බව දඹුළු ඔය කාර්යභාර ඉංජිනේරු කාර්යාලයේ ප‍්‍රකාශකයකු පැවැසීය.

කලාවැව

දඹුළු ඔය ජලාශය

 



අදහස් (1)

කලාවැවේ - දඹුළු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කරේ

rehan Wednesday, 07 November 2018 04:09 AM

මෙසේ පිටව යන අතිරික්ත ජලය එක්රැස් කර ගැනීමට කටයුතු කලොත් නරකද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 15 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 598 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site