(ඉන්දිකා රාමනායක)

වත්තල ඇවරිවත්ත ප්‍රදේශයේ නිවසකට ඇතුළුවූ  පුද්ගලයකු නිවැසියන්ගේ පහරකෑමට ලක්ව මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වත්තල ප්‍රදේශයේ (32) හැවිරිදි පුද්ගලයෙකි. කිසියම් කොල්ලයක් සඳහා මොහු මෙම නිවසට ඇතුළු වී ඇතැයි පොලිසිය සැකකරයි 

බලය පාවිච්චි කිරීමක් හේතුවෙන් පහර කා මෙම මරණය සිදුව ඇති බවත් , දණ්ඩ නීති සංග්‍රහයේ 96 වගන්තිය අනුව රාත්‍රී කාලයේ ගෙවල් බිදුමකට පැමිණි පුද්ගලයකුට මරණය දක්වා බලය පාවිච්චි කළ හැකි බවට සඳහන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කර ඇත.