IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොලොන්න ප්‍රාදේශීය රෝහලේ වැඩ අඩාලයි

(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)

ප‍්‍රධාන වෛද්‍ය නිලධාරීවරයෙක් සේවයේ යෙදී සිටියදීම තවත් වෛද්‍යවරියක් එම තනතුරට ස්ථානමාරු කර එවීම හේතුවෙන් අද (3) කොලොන්න ප‍්‍රාදේශීය රෝහලේ ප‍්‍රතිකාර කටයුතු ඇණහිටීමෙන් සායන සහ බාහිර රෝගී අංශවලින්  ප‍්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීහූ දැඩි දුෂ්කරතාවට පත්වුහ.

එසේම අලූතින් පත්කර එවන ලද ප‍්‍රධාන වෛද්‍යවරියට එරෙහිව කලූ කොඩි ඔසවා මහජන විරෝධතා ද ඇතිවූ අතර එම වෛද්‍යවරිය කොලොන්න රෝහලෙන් මාරුකර යවන ලෙස මහා සංඝරත්නය ද, ප‍්‍රදේශයේ පක්‍ෂ විපක්‍ෂ ප‍්‍රාදේශීය දේශපාලනඥයෝ ද එකහඬින් ඉල්ලා සිටියහ.

ඌව පළාතේ හම්බෙගමුව ප‍්‍රාදේශීය රෝහලේ සේවය කළ වෛද්‍යවරියක් සබරගමු පළාතේ කොළොන්න රෝහලට ප‍්‍රධාන වෛද්‍ය නිලධාරීනිය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝගයක් අනුව ස්ථාන මාරුකර එවා ඇති බව සෞඛ්‍ය බලධාරීහු කියති.

කොලොන්න රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා සිටියදීම තවත් වෛද්‍ය නිලධාරිනියක් එම තනතුරට පත්කර එවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගැනීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට කළ දැනුම්දීමක් මත කොලොන්න රෝහලේ සේවය කළ වෛද්‍යවරු පස් දෙනාම රත්නපුර නව නගරයේ පිහිටි නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලයට රාජකාරී වාර්තා කිරිමට ගියහ.

ඒ නිසා රෝහලට අලූතින් පත්ව ආ වෛද්‍යවරිය පමණක් ඉතිරි විය. ප‍්‍රතිකාර ගැනීමට පැමිණ සිටි රෝගීහූ එනිසා දැඩි අපහසුතාවට පත්ව සිටියහ.

ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාට අමතරව තවත් වෛද්‍යවරු සිව් දෙනෙක් කොලොන්න රෝහලේ සේවය කරනු ලබයි. රෝහලේ කටයුතු කිසිදු ගැටලූවකින් තොරව පවත්වාගෙන යද්දී 1 වැනිදා සිට වසර පහකට ආසන්න කාලයක් කොලොන්න රෝහලේ සේවය කර ටික කලකට පෙර වාර්ෂික ස්ථානමාරු ලැබ හම්බෙගමුව රෝහලට මාරුවී ගිය වෛද්‍යවරියක් ප‍්‍රධාන වෛද්‍යවරිය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පත්කර එවා තිබිණි.

මෙතෙක් සේවය කළ ප‍්‍රධාන වෛද්‍යවරයා රෝගීන්ට ප‍්‍රතිකාර කිරිම, රෝහලේ සේවාවන් සැපයීම, මහජන සම්බන්‍ධතාව මැනවින් පවත්වාගෙන ආ බව ප‍්‍රදේශයේ මහා සංඝරත්නයත් කොලොන්න ප‍්‍රාදේශීය සභාවේ සභාපති රූපසේන තලවත්තගේ සහ විපක්‍ෂ නායක හිටපු පළාත් සභා මන්ත‍්‍රී බී.ආරියවංශ මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ වෛද්‍යවරුන් ස්ථාන මාරු කිරීමේ බලය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඇති බවයි. මෙම වෛද්‍යවරියද ඒ ආකාරයට ඌව පළාතෙන් සබරගමුව පළාතට මාරු කර එවා ඇති බව ඔහු පැවසීය. 



අදහස් (0)

කොලොන්න ප්‍රාදේශීය රෝහලේ වැඩ අඩාලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site