
( පී.ආර්.ගමගේ)
කොලොන්න , උල්ලිඳුවාව පනිල්කන්ද ප්‍රදේශයේ ගොවි ජනතාව තම ඉඩම්වල අයිතිය රැක ගැනීම සඳහා අද ( 07 ) මහ පාරට බැස විරෝධතාවයක් පැවැත්වූහ.
එහිදී ඔවුන් පවසා සිටියේ දිගින් දිගටම පනිල්කන්ද ප්‍රදේශයේ වසර ගණනාවක් මුළුල්ලේ පදිංචිව ජීවිකාව ගෙනයන ඔවුන්ටද අද ඒ ඉඩම් අහිමිව යන දදැඩි අවදානමකට ලක්ව තිබෙන බවයි .
ඉඩම් විවිධ ධනවත් පුද්ගලයින්ට ඉඩම් කොමිසම හා එක්ව විකුණන බවත් . තමන්ට පාරට බැසීමට සිදුව ඇති බවත් ඔවුහු කීහ.
රජයේ වගකිව යුත්තන්ගේ අවධානය යොමු කරන මෙන් ඔවුහු ඉල්ලා සිටියහ.
COMMENTS
අපි ආණ්ඩුවට 2/3 බලයක් දීලා පත්කරගෙන 20 වැනි සංශෝධනයත් කරගන්න ඉඩදුන්නේ... ආණ්ඩුවට ඕනෑ විදිහට රටේ ඕනෑම දෙයක් ඕන විදිහකට කරන්න. ආණ්ඩුව ඒක තමයි දැන් හොඳටම කරන්නේ. ඉතින් දැන් මොකද මේ උද්ඝෝෂණය කරන්නේ..?