(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය උරුත්තිරපුරම් ප්‍රදේශයේ පිහිටි පාලමක් ආසන්නයේ දමා තිබූ අත්බෝම්බයක් හමු වී එය ආරක්ෂක අංශ විසින් නිශ්ක්‍රීය කිරීමට පියවර ගනු ලැබීය.
උරුත්තිරපුරම් ගම්වාසියකු විසින් අදාළ ස්ථානයේ අත්බෝම්බයක් දැක ඒ බව පොලීසියට දැනුම් දීමෙන් පසුව එම ස්ථානයට පොලීසිය හා යුද හමුදාව පැමිණ අදාළ අත්බෝම්බය රැගෙන ආරක්ෂිත ස්ථානයකදී පුපුරවා හැරීමට කටයුතු කරන ලදී.
අත්බෝම්බය එම ස්ථානයට දැමූ පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් හෙළි වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පරික්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd