
(ඩයනා උදයංගනී)
කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සඳහා කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන් පත්කර ඇතැයි වාර්තා වේ.
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ද සිය නිල ෆේස් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබිණි
එහි හිටපු කුලපති, ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන් පසුගිය දා අපවත් වීම හේතුවෙන් මෙම තනතුර පුරප්පාඩු වී පැවතිණි.
COMMENTS
ඒකයි අපිට විශාල සද්දයක් අහුනෙ.
රටට විතරක් නොවෙයි, කැළණි සරසවියටත් දෙයියන්ගේම පිහිටයි!! අනේ ඇත්තටම රටකට ගිය කලක්? ලංකාවේ ඉගෙනගෙන ඵලක් නැහැ. පාලකයින්ට මුට්ටි අල්ලනවා නම් තමයි තනතුරු ලැබෙන්නේ. පාලකයින් සහ පූජකයින් එකට එකතුවෙලා මේ රට වනසනවා..
කැළණිය විශ්ව විද්‍යාලයටත් විශාල ශබ්දයක් ඇහෙන්න වගේ හදන්නේ... දෙබෑ නොවුණොත් ඇති...
ඩෝන්... ගාලා ඇහුන සද්දෙට නාගලෝකෙන් තෑග්ගක් ලැබිලා වගේ....
අන්තිම කාලේ බෙදනවා තොගේට........
මට ඩාං කියලා සද්ද යක් ඇහුනා. ඒත් එක්කම අනාගතේ සුබයි කියලා පණිවිඩයක් ලැබුනා. රටට කෙලවුනා. මට කුලපතිකමක් ලැබුනා. සරළයි.
සමහර ' නරලොව හොල්මන් ' දකිනකොට යමක් නොලියත් බැහැ... අපේ රටේ විශ්ව විද්‍යාලවලට නැතිවෙලා තිබුනේ ' නයි ' පමණයි. දැන් ඔන්න නාගරාජයෙක්ම පත්කරලා. විශ්ව විද්‍යාලයේ කොල්ලෝ කෙල්ලෝ දැන් හොඳින් විමසිලිමත්ව ඉන්න. දවසක විශාල ශබ්දයක් ඇහුනොත් අනිවාර්යයෙන්ම නාගලෝකයෙන් මොකක් හෝ " මල ජරාවක් " අරගෙන නයි පනික්කියෙක් පොලොව පලාගෙන මතු වෙලා කියලා කියාවි.. බුදුන් වහන්සේගේ ධර්මයෙන් කියන්නේ මිනිසුන්ගේ " ඇස් විවෘතකර " ලෝ දහම අවබෝධ කරගන්න කියලයි.
තවත් නයෙක් පාත් වෙයිද දන්නේ නැහැ.
මේ සතුටට තවත් නාගයෙක් කැළණි ගඟෙන් මතුවෙයි නේද.?
නාගය ආවා. විශාල ශබ්දයක් අහුනා. කුලපති හිමි ආවා.
අනේ අනිච්චං...
මෙලෙස සමාජයේ විහිළුවට පත්වුන පුද්ගලයින් මෙවැනි තනතුරුවලට පත්කිරීම මුළුමහත් ජාතියම විහිලුවට බාජනය කිරීමක් නොවේද ?
කාලගුණ සැලකීම රජයේ යුතුකමක්.
කැලණි ගං පත්ලේ ඇති නාග ලෝකයේ නාගයන්ගේ උනුසුම් ශුභාශිංසන මෙසේ පිරිනමමි හිමියනි , !
කැළණියෙ ළමයි වැඩිය සෙල්ලම් දාන්න එන්න එපා නාගයා එවයි.
සන්තෝසෙට මුචලිංද නාගරාජයා නාග ලෝකෙ පාටි දානව ඇති. දැං ඉතිං කැලණි සරසවියෙ ඊලග උපාධි ප්රධානෝත්සවයෙ ප්‍රධාන අමුත්ත විදියට මුචලින්දව ගෙන්නගන්න පුලුවන්...!
මොකක්ද සුදුසුකම්? කැළණි ගඟෙන් නාගලෝකයේ සිට නයි රංචු පිටින් මතුවේව්
නයාගෙ නාටකයෙන් පාඩුවක් නැහැ වගෙයි. අයියෝ මේ සෙට් එක කරන වැඩ.
රටේ අධයාපනයත් කාලා තමා මේ ආන්ඩුව ගෙදර යන්නෙ.
රටේ ඉතම ගෞරවයක් තියෙන පුද්ගලයන් පත්කරපු තනතුරක් දේශපාලන තනතුරක් කරලා.
කැළණි ගඟ පැත්තේන් විශාල ශබ්දයක් ඇහුනා බලනකොට හාමුදුරුවන්ව උපකුලපති පැදවියට පත් කරලා.
එක පාරටම ඩොන් කියලා සද්දයක් ආවා.
කොන්ද පන තියෙන අය සෙනට් සභාවේ ඉන්නවානම් කතා කරන්න.
කැලණියට නාගයා, කොළඹට නර්ස් නෝනලාව ස්ට්‍රයික් කරවපු එක්කෙනා. අනේ..! මේ රටට මොනවද මේ වෙන්නේ...? කෝ එදා හැම දේටම බුරපු වාසු, ගම්මන්පිළ ඇතුළු සෙට් එක... අද කතාවක් දෙකම වහගෙන නකුටත් හකුලා ගෙන ඇඳන් යට හැංගිලා... කෝ එයාලා ගිරිය පුප්පන් කෑගහලා බලය අරන් දුන්නේ මේවා කරන්නද? නිර්භීත බුද්ධිමත් විපක්ෂ නායකයෙකු රටට හිටියා නම්, මේ අයට මේ සෙල්ලම් දාන්න හම්බවෙන්නේ නැහැ... රටේ හා අපේ කරුමයට එහෙම කෙනෙක් නොසිටියේ..
උන්වහන්සේ ප්‍රංශයේ සෝබෝන් සරසවියේ වැඩසිටි කාලයේදිත් කැළණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයෙහි මහාචාර්ය තනතුර හොබවන කාලයේදීත් දේශනවලට සවන් දුන්නා. විශේෂයෙන්ම උන්වහන්සේගේ සම්පිණ්ඩමහානිධාන පරිවර්තනය අද්විතීයයි.
මෙවැනි හිමිනමක් මෙවැනි තනතුරකට සුදුසුද ? අපගේ විශ්ව විදෟලවල තත්වය හැල්ලුවට පත්වෙනවා ,
කොහෙද ඉතින් පොඩි කාලේ අපිට "නයි පනික්කියෙක්" වෙන්න කිසිම අදහසක් ආසාවක් තිබුනේ නැහැනේ. නැත්නම් ඉතින් අපිත් අද ලංකාවේ කැම්පස් වල ලොකු තනතුරු දරන අය තමයි...