(නිමන්ති රණසිංහ)
කැළණී ගගේ ජලයේ ගුණාත්මක භාවය ඉහළ ගොස් ඇතැයි කරන ලද පරීක්ෂණයකදී තහවුරු වූ බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා අද (2) පැවසීය.
කැළණී ගගේ ජලයේ බොරතාව හෙවත් ආව්ලත්‍යාව මෑත කාලයේ කිසි දිනෙක වාර්තා නොවූ ලෙසින් යහපත් තත්ත්වයක පැවතීම ජලයේ ගුණාත්මක භාවය වැඞීවීමට එක් නිදසුනක් ලෙසට සැලකිය හැකි බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
කැළණී ගගේ ගුණාතමක භාවය පරීක්ෂා කිරීම සදහා ඊයේ (1) ජල සාම්පල ලබා ගන්නා ලද අතර එම ජල සාම්පලවල විශ්ලේෂණ කටයුතු අනුව මෙය අනාවරණය වී ඇතැයි ද සභාපතිවරයා සදහන් කළේය.
කඩුවෙල පාලම, කලූ පාලම ඇතුලූ තවත් ස්ථාන කිහිපයකින් පරීක්ෂණය සදහා මෙම ජල සාම්පල් ලබාගෙන ඇති බවද සදහන් වෙයි.
එසේම, මේ දිනවල කර්මාන්ත ශාලාවලින් අපද්‍රව්‍ය මුදා නොහැරීම නිසා මෙම තත්ත්වය ඇති වී ඇති බව ද මධ්‍යම පරිසර අධිකාරියේ රසායනාගාර සේවා අංශය ද සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"එසේම, මේ දිනවල කර්මාන්ත ශාලාවලින් අපද්‍රව්‍ය මුදා නොහැරීම නිසා මෙම තත්ත්වය ඇති වී ඇති බව ද මධ්‍යම පරිසර අධිකාරියේ රසායනාගාර සේවා අංශය ද සදහන් කරයි." ඇත්තටම මේ කියන්නේ මධ්‍යම පරිසර අධිකාරිය ද ? ලංකාවේ විතරයි වෙන්න වතුර ට ලෝකේ තියෙන ඔක්කොම කුනුටික එකතු කරලා ආයේ පිරිසිදු කරන්න කෝටි ගණන් වියදම් කරන්නේ. ඇත්තටම මධ්‍යම පරිසර අධිකාරියට බැරි මොකද ගඟට අප ජලය හරවන එක නවත් වන්න ? අප ජලය පිරිසිදු කරන්න කියල කර්මාන්ත වලට බල කරන්න ? අධිකාරියක් කීවට කිසිම බලයක් නැතිද !! නැතිනම් පගාව ඊට වඩා බලවත් ද ?
මෙයින් පෙනෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරය අපවිත්‍ර වන බවත් පරිසරය අපවිත්‍ර වීමෙන් විෂබීජ ඇතිවී වසංගත රෝග ඇතිවන බවය. කරමාන්ත ශාලාවලින් ජලයට අපවිත්‍රදැයි මුදාහරිනවාසේම වායුගොලයටද අපවිත්‍ර දේ එකතුවීම සිදුවේ. පසුගිය කාලයේ ලොව තෙල් ආකර වැනි ස්ථාන ගිනිගැනීම්ද මිසයිල අත්හදා බැලීම් වැනිදේද සිදුවූ අතර කරමාන්ත ශාලා වලින් පරිසරයට මුදාහරින දේට අමතරව නිවෙස් ආශ්‍රිතව සිදුකරන ප්ලාස්ටික් හා පොලිතීන් වැනි අපද්‍රව්‍ය පිලිස්සීමද පරිසරය හා වායුගොලය විනාශයට හේතුවන්නට ඇත. එසේම වන විනාශය මෙන්ම වනාන්තර හරහා මාර්ග ඉදිකිරීම්.
ඔය කියන කිසිම හේතුවක්වත් නොවේ. ඇඳිරි නිතිය හින්දා අපේ අයියලා අක්කලා ටිකට නාන්න යන්න බැරි වෙලා. කැළණි ගඟට කුණු අකතුවීම අඩුවෙලා.
ඉතින් ඕක අපට කියල වැඩක් නැහැ. කරන්න ඕන දේ කියලම තියෙනවා. බොන්න ගන්න වතුරට අපද්‍රව්‍ය මුදාහරින කම්හල් සියල්ල තහනම් කර ඒවාට නිසි ප්‍රමිතියේ පිරිපහදු ක්‍රියාවලියකට නීති දැම්ම නම් ඉවරනේද? කම්හල් හිමියන්ගෙන් සංගම් නොගෙන මේ වැඩේ කරන්න අපේ ලොක්කන්ට බැරිද? ඔවුන් බොන්නේ බෝතල් වතුර විතරද?
වායුගෝලයේ ගුණාත්මක භාවයද ඉහල ගොස් ඇතිබව කියා තිබුනා.