(බිඟුන් මේනක ගමගේ)
කැලණිය රාජමහා විහාරස්ථානයේ සංවර්ධනය සඳහා පංචවිධ සැලැස්මක් අනුව කටයුතු කරන්නේ යැයි එහි දායක සභාවේ සභාපති හා රුසියාවේ හිටපු තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ‘ලංකාදීප’ යට අද (7) පැවැසීය.
ඉංග්‍රීසි සිංහල ද්විභාෂා මාධ්‍යයෙන් යුත් වෙබ් අඩවියක් එළිදැක්වීම, නව සනීපාරක්ෂක පද්ධතියක් සකස් කිරීම, පවිත්‍රකරණ වැඩසටහන්වලට ප්‍රාදේශීය සභාවට අමතරව පෞද්ගලික අංශය සහභාගී කරගැනීම, කැලණිය රජමහා විහාරස්ථ දහම් පාසලට සංවර්ධන අරමුදලක් පිහිටුවීම හා විකල්ප යෝජනා සැලසුම් කිරීම මෙම පංචවිධ සැලැස්මට අන්තර්ගත වන්නේ යැයි වෛද්‍ය වීරසිංහ මහතා සඳහන් කළේය.
කැලණිය රජමහා විහාරස්ථානාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ගේ පූර්ණ උපදෙස් මත මෙම සංවර්ධන වැඩපිළිවෙල දියත් වන්නේ යැයි ද රජයට අමතරව පෞද්ගලික අංශයේ සහාය ද ඊට නොමදව හිමිවන්නේ යැයි ද ඒ මහතා කීවේය.
කැලණි රජමහා විහාරස්ථානයේ වාර්ෂික දුරුතු මහා පෙරහර සංවිධානයෙන් මෙම වැඩපිළිවෙල ආරම්භ වන්නේ යැයි ද රුපියල් කෝටියකට අධික මුදලක් ඒ සඳහා වැයවනු ඇතැයි ද වීරසිංහ මහතා කීය.
මෙවර වාර්ෂික දුරුතු මහා පෙරහරට අගමැති හා බුද්ධශාසන ඇමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහාය ද නොමදව හිමිවන්නේ යැයි ද ඒ අනුව රාජ්‍ය අනුග්‍රහය ඇතිව ඉතාමත් විචිත්‍ර ආකාරයට එය පැවැත්වීමට කටයුතු කරන්නේ යැයි ද වෛද්‍ය වීරසිංහ මහතා පැවැසීය.
මෙවර පෙරහර මංගල්‍යට අලි ඇතුන් 47 දෙනකු සහභාගී වන්නේ යැයි ද අවසන් දින පෙරහරට අනිද්දා (9) පන්දහසකට අධික බැතිමතුන් පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන්නේ යැයි ද වීරසිංහ මහතා සඳහන් කළේය.
සංස්කෘතිකාංග රැසකින් සමන්විත වන සේ සංවිධානය කර ඇති පෙරහර නැරඹීමට එන බැතිමතුන්ගේ ගිමන් නිවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතන කීපයකින් ආහාර හා පානීය ජලය සපයන්නේ යැයි ද පොලිසිය හා යුද හමුදාව යොදා ආරක්ෂාව තර කර ඇතැයි ද වෛද්‍ය වීරසිංහ මහතා කීය.
මීට වසර තුනකට පෙර කැලණිය රජමහා විහාරස්ථානයේ දහම් පාසල් සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කළ ප්‍රථමාධාර මධ්‍යස්ථානය මෙවර ද ක්‍රියාවට නැගෙන්නේ යැයි ද සිසු සිසුවියන් දෙසීය පනහක පමණ පිරිසක් ඒ යටතේ ප්‍රථමාධාර සේවයේ නිරතවන්නේ යැයි ද වෛද්‍ය වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කැලණිය රජමහා විහාරය සංවර්ධනයට පංචවිධ වැඩපිළිවෙලක්
රවින් Tuesday, 07 January 2020 01:30 PM
ස්ථානය,තරාතිරම නොබලා දුෂිතයෝ ඉවත් කරන්න. එවිට ඉබේම සංවර්ධනය ඇතිවේවි.
Champa Tuesday, 07 January 2020 01:48 PM
බුදුරජාණන්වහන්සේ තෙවෙනි වර වැඩම කළ කැලණියේ ගෞරවය සම්පූරණයෙන්ම විනාශ කළා "නාගා අයි බෝල්ස්" පෙන්නලා බොරු නාග මානික්‍ය නාඩගමක් රඟ දක්වලා ජනාධිපතිවරණයට ඔන්න මෙන්න කියලා. නිර්මාතෘ රටම දනී. බෞද්ධයන්ට කළ ලොකුම අවමානය ඒක. බෞද්ධයෙක් හින්දා කියන්න ඕනේ දේ කියා ගන්න බැහැ. බුදුරජාණන්වහන්සේ වැඩම කළත් කැලණිය කියන්නේ අපේ මුල්ම රජු රාවණා පාවා දුන්න විභීෂණයගේ අඩවිය. දශරාජ ධර්මයෙන් රාජ්‍ය පාලනය කළැයි කියල රිග්වේදයේ පැහැදිලිවම කියන අපේ රාවණා රජ්ජුරුවෝ දුෂ්ඨයෙක් හැටියටත්, රාම ලව්වා රාවණා ඝාතනය කරලා ලංකාපුරයේ රජකම ගත්ත විභීෂණයා දැහැමි විදිහටත් රාමායණයට පේන්නේ ලෝකයේ ඉහලම තැනක අද ඉන්න තිබ්බ ලංකාව නියපොත්තෙන්ම විනාශ කරලා දාන්න විභීෂණයා කරපු "උදව්ව" නිසා. ඒ විතරක් නෙමෙයි තවත් බොහෝ රහස් ඉන්දියාවට දුන්න. වෙදකම කියන එක පටන් ගත්තේ ලංකාවේ. ඉන්දියාව ගත්තේ අපේ දේවල්. අන්තිමට ලංකාව කඩා වැටිලා ඉන්දියාව උඩ ගියා. හැබැයි මොළ වල වෙනස පේනවා ක්‍රිකට් පිච් වේලන විදිහෙන්. සහජ බුද්ධිය සහජ හැකියාව සහජ ඥානය සිංහල ලේවල අදටත් තියෙනවා. ඒවයෙන් ප්‍රයෝජන ගන්නේ වෙන රටවල්. රාවණාගේ යක්ෂ පරපුරට රටේ තැනක් නැහැ. විජය හොරාගේ පිරිස අදටත් රට ......
gunasekara madagedara Wednesday, 08 January 2020 01:03 AM
නාග ලොවෙන් සියලු දේ කරලා දේවි. ඔය හාමුදුරුවන්ට දුරකථන ඇමතුමක් දෙන්න විතරයි තියෙන්නේ කියලා මම කල්පනා කරනවා පොහොට්ටුවේ වැඩක් නිසා...
dilal Wednesday, 08 January 2020 02:01 AM
ඔය පෙරහැර පවත්වන දින කලින් ප්‍රසිද්ධ කලානම් පෙරහරට නාග ලෝකයෙන් ගෙන්වන්න තිබුනා.
MD Wednesday, 08 January 2020 02:27 AM
ඔබ බෞද්ධ දර්ශනය හොඳින් අවබෝධ කරගන්න. එතකොට ඔබට තේරෙයි ඔබ කෙතරම් මංමුලාවූ කෙනෙක්ද කියලා. තෙරුවන් සරණයි...!!!
Champa Wednesday, 08 January 2020 03:34 AM
මෙතනට තව කොටසක් එකතු කලේ නැත්නම් අඩුවක්. රාවණා රජ්ජුරුවන් මැරුණා කියලා කියන්නේ රාමායණය. මම දන්නා ඉතිහාසය අනුව රාවණා රජ්ජුරුවෝ මැරුණේ නැහැ. මැරුණ වගේ පෙන්නුවා. ඒකයි සොහොනක්වත් නැත්තේ... අදටත් ලංකාවේ අද්භූත ස්ථාන තියෙනවා කාටවත් යන්න බැරි. රාවණා රජ්ජුරුවෝ හා සම්බන්ධ තැන් උස ස්ථාන. ගිරි ශිඛර. රාමායණය විවිධ තැන්වල සහ වෙනත් ඉන්දියානු ග්‍රන්ථ කියන විදිහට රාවණා රජ්ජුරුවන්ගේ ආයුකාලය අවුරුදු 10,000ක්. රාවණා පරපුරේ රජවරු 14ක් හිටියා කියලා තැනක කියෙව්වා. රාවණා බලය කවදාවත් නැති කරන්න බැහැ. අනික රාවණා රජ්ජුරුවෝ මැරුණේ නැහැ කියලා දන්නා නිසා තමයි ඉන්දියාව අවුරුදු පතා තාමත් රාවණා රුවට ඊතල විදින්නේ... පින්තූර ගිනි තියන්නේ...
vidya Wednesday, 08 January 2020 03:53 AM
නායක හාමුදුරුවනේ දුෂ්කර ගම්පළාත්වල පන්සල් වලටත් ඔය ලැබෙන ආධාරවලින් යම්කිසි හොඳ වැඩක් කරන්නකෝ... අර පන්නිල ආනන්ද මහනායක හිමියන් වගේ... උන්වහන්සේ නියම බුද්ධ පුත්‍රයෙක්...