
(ඩයනා උදයංගනී)
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපයේ බලපෑමෙන් පළාත් කිහිපයකට අද (2) රාත්‍රී කාලයේ සිට අනිද්දා (4 )වැනිදා දක්වා තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් මෙම වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ට වැඩි තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා කීවේය.
උතුරු පළාතේත්, මහනුවර, හම්බන්තොට සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර, සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර සහ කළුතර දිස්‍ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ඔහු සඳහන් කළේය.
උතුරු, උතුරුමැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත්, මධ්‍ය කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරමක තද සුළං ඇතිවන අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශද රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.