IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කාලගුණයෙන් ධීවරයන්ට අනතුරු ඇඟවීමක්

(ඩයනා උදයංගනී)

ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බැවින් කන්කසන්තුරය, සිට මන්නාරම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවල යෙදීමෙන් වැළකී සිටිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දැනට එම මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං ඇතිවන නිසා ධීවර හා නාවුක කටයුතුවල නිරත පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්‍ෂිත ස්ථානයක් කරා ගමන් කළ යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල ද තද සුළං ඇතිවිය හැකි බැවින් ධීවර හා නාවුක කටයුතුවල යෙදීමේදී අවදානයෙන් කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

දැනට පවතින පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී උතුරට බරව වයඹ දිසාවට ගමන් කරමින් 18 වැනිදා උදෑසන කාලයේදී ගුජරාටි සහ පකිස්තානු වෙරළ තීරයට ඇතුළුවනු ඇතැයි පුරෝකථනය කර ඇත.

ඒ හේතුවෙන් හෙට (15) සිට ක්‍රමයෙන් මෙහි බලපෑම අඩුවී යනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ එම ප්‍රකාශකයා කීවේය.

එසේ වුවත් හෙට (15) සහ අනිද්දා (16) දිනවල උතුරු, උතුරුමැද, වයඹ, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල පැයට කිලෝමීටර 50, 60 පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි අතර සෙසු පළාත්වල පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං ඇතිවිය හැකි බව ද ඔහු පැවසීය.

බස්නාහිර, මධ්‍යම සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලක් හෙට (15) දිනයේදීත් වැසි ඇතිවන අතර උතුරු සහ උතුරුමැද පළාත්වල ද මද වැසි ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

 



අදහස් (0)

කාලගුණයෙන් ධීවරයන්ට අනතුරු ඇඟවීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site