
(ඩයනා උදයංගනී)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් තද වැසි ඇතිවීම හා මුහුදු ප්‍රදේශ රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් හෙට (18) පස්වරු 1.00 පමණ වන තුරු දිස්ත්‍රික්ක කිහිපයක තද වැසි ඇතිවීමට මෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශ රළුවීමට හැකි බව එම නිවේදනයේ දැක්වේ.
විශේෂයෙන් උතුරු පළාතේත්, පුත්තලම, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම අඩුපීටන කලාපය බටහිර දෙසට බරව ගමන් කර හෙට (18) දිනයේදී දකුණු ආන්ද්‍රා ප්‍රදේශයට යාබද උතුරු තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කිරීමට වැඩි හැකියාවක් පවතින බැවින් ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවල යෙදෙන්නන් විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශේෂයෙන් බස්නාහිර - මධ්‍යම බෙංගාල බොක්ක, නිරිතදිග මධ්‍යම බෙංගාල බොක්ක, නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක, ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු යන මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර 60 පමණ වේගවත් ඉතා තද සුළං ඇතිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවල යෙදෙන්නන් විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS