IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


කේරළ ගංජා ගෙනගිය හමුදා සෙබළුන් දෙදෙනකු අත්අඩංගුවට

 

(ක.ග.කරුණාරත්න)
 
කිලිනොච්චියේ සිට දෙහිඅත්තකණ්ඩිය සිරිපුර ප්‍රදේශයට මෝටර් රථයෙකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු ඇතුලු  සැකකරුවන් තිදෙනෙකු දිඹුලාගල දළුකාන වැවට ආසන්නයේ පිහිටි නාමල්පොකුණ ප්‍රදේශයේදී අද(21)අලුයම අත් අඩංගුවට ගත් බව අරලගංවිල පොලීසිය කියයි.

ගංජා ජාවාරම සඳහා යොදාගත් බව කියන යතුරු පැදියක්ද පොලීසිය අත් අඩංගුවට ගෙන ඇත.

සැකකාර හමුදා සෙබළුන් දෙදෙනා මිහින්තලේ මහකනදරාව ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරකට අනුයුක්තව රාජකාරී කරන අය බවත්  පොලිස් අත් අඩංගුවට පත් අනෙක් සැකකරු යුද හමුදාවේ  සේවයෙන් දැනට තාවකාලිකව ඉවත්වී සිටින හමුදා සෙබලෙකු බවත් හෙළිවී තිබේ.
 
මොව්හු හතරලියැද්ද, අඹකොටේ, සිරිපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද මෙම ගංජා ජාවාරම කාලයක පටන් සංවිධානාත්මකව සිදුකර ඇතැයිද අනාවරණයවූ බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
 
 
පොලීසියට ලැබුණු තොරතරක් මත මෙම වැටලීම සිදුකර තිබෙන අතර සැකකරුවන් සන්තකයේ සහ මෝටර් රථයේ සඟවා තිබී කේරළ ගංජා ග්‍රෑම් 500ක්ද අත් අඩංගුවට ගෙන ඇත.
 
 කිළිනොච්චියේ සිට දිඹුලාගල දක්වා එන අතරතුර ස්ථාන කිහිපයෙකට ගංජා බෙදාහරිමින් පැමිණි  බව සැකකරුවන් පොලීසියට පවසා තිබේ.
 
 සැකකරුවන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කලේය.
 
 අරලගංවිල පොලීසියේ ස්ථානාධිපති,ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ.පී.ඩබ්ලිව්.ප්‍රේමලාල් මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව පරික්‍ෂණ සිදු කරයි.



අදහස් (0)

කේරළ ගංජා ගෙනගිය හමුදා සෙබළුන් දෙදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 341 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 397 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site