IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


කුරුළු උණ නිසා ඉන්දියාව පක්ෂීන් මරා දැමීම අරඹයි

කුරුළු උණ රෝගය පැතිරීම හේතුවෙන් ඉන්දියාව කුකුළු පවුලේ පක්ෂීන් දස දහස් ගනනක් මරා දැමීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව වල් පාත්තයින්, තාරාවුන් සහ කාක්කන් මරා දැමීමට නියමිත බව ඉන්දීය බලධාරීහු පවසති.                       

පසුගිය සතියේ ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වලින් කුරුළු රංචු මියගොස් සිටි බවට වාර්තා වීමත් සමග පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ ඔවුන්ට කුරුළු උණ රෝගය හෙවත් H5N8 වැළඳී ඇති බවයි.                                     

ඉන්දියානු රජය විසින් මේ සම්බන්දව දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් තර ඇති අතර රෝගය පැතිරීම මැඩපැවැත්වීම සඳහා හදිසි පියවර ගන්නා ලෙස ප්‍රාන්ත රජයන්ගෙන්  ඉල්ලා තිබේ.                                         

ඉන්දියාවේ සමහර දිස්ත්‍රික්ක වල කුකුළු මස් අලෙවි කරන කඩ වසා දමා ඇති අතර බිත්තර අලෙවිය ද නවතා දමා ඇත.                                                

උතුරු හිමාචල් ප්‍රදේශයේ සංක්‍රමණික පක්ෂින් 2,400ක් පමණ මියගොස් ඇති බව පශු වෛද්‍යවරු වාර්තා කර තිබිණ. ඔවුන් සයිබීරියාවෙන් හා මොංගෝලියාවෙන් පියාසර කරන පාත්තයින් විශේෂයක් බවට හඳුනාගෙන තිබේ.                                    
දකුණු කේරළයේ තාරාවුන් 12,000ක් පමණ මියගොස් තිබිණ.

රජයේ මාර්ගෝපදේශයන්ට අනුව, ඉන්දියාව පුරා කුරුළු උණ රෝගයට ධනාත්මක බව පෙන්වන පක්ෂීන් 36,000කට වැඩි ප්‍රමාණයක් මරා දැමීමට සැලසුම් කර ඇතැයි සඳහන් වේ.

(බීබීසී ඇසුරිණි)

085



අදහස් (5)

කුරුළු උණ නිසා ඉන්දියාව පක්ෂීන් මරා දැමීම අරඹයි

sampath Wednesday, 06 January 2021 04:23 PM

සසර බිය කොතරම්ද?

:       1       13

sharm warn Thursday, 07 January 2021 03:35 AM

අයියෝ...!!! මේ මොන අපරාධයක්ද? කුරුල්ලන්ට උණ බෝ වෙන්නේ කොහොමද කියලා හොයලා බලලා එක විසඳන්නකෝ... මිනිස්සු මැරුවත් කමක් නැහැ. සත්තුන්ටයි, ගහකොළටයි, පොළවටයි, වතුරටයි කරන්න පුළුවන් අපරාධ ඔක්කොම කරන්නේ මිනිස්සු කියන සත්තු විශේෂය...

:       1       1

, lakviduThursday, 07 January 2021 05:34 AM

අනේ ශාම් මල්ලියෝ..., උණ නැතිව අපේ රටේ දවසකට කුකුල්ලු ලක්ෂ ගාණක් මරලා කනවනේ...

:       0       0

reksThursday, 07 January 2021 05:35 AM

අපේ රටේ මුහුදේ දැල් දාලා ලක්ෂ ගණන් මාලු මරලා කෑවට කමක් නැද්ද?

:       0       0

lakvidu Thursday, 07 January 2021 07:42 AM

එකම වෙනස මෙදාපාර මරලා කන්නේ නැති එක විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 142 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 224 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1082 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site