IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කේරල ගංජා රැගෙන ගිය මෝටර් රථයක් අත්අඩංගුවට



(රොමේෂ් මධුෂංඛ)  

විකිණීම සඳහා කාර් රථයක් තුල ඉතා සූක්ෂමව සඟවාගෙන රැගෙන ගිය කේරල ගංජා කිලෝ 18 ග්‍රෑම් 220 ක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු වව්නියාව ඊරට්පෙරියකුලම පොලිස් වසමේ ඖෂධපිටිය ප්‍රදේශයේදී කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරින් විසින් ඖෂධපිටිය ප්‍රදේශයේ සෝදිසි මුරකාවල් යොදා සිටියදී එම මෝටර් රථය යාපනය මහනුවර ඒ - 9 ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් සිටියදී නවතා සිදුකරන ලද සෝදිසියකදී මෝටර් රථයේ පිටුපස සඟවා තිබූ කේරල ගංජා තොගය සමග මෝටර් රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙමටගොඩ සහ මෝදර ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර ඔවුන් සමග මෝටර් රථයද කේරල ගංජා තොගය සමගින් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ඊරට්පෙරියකුලම් පොලිස් ස්ථානය වෙතට බාර දීමට පියවර ගෙන ඇත.



අදහස් (0)

කේරල ගංජා රැගෙන ගිය මෝටර් රථයක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site