(ටී.කේ.ජී.කපිල )
සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස කුරුල්ලන් පිරිසක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීහු පවසති.
අත්අඩංගුවට ගත් පුද්ගලයා හලාවත , කටුනේරිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ව්‍යාපාරිකයෙකි
ඔහු සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " තුළින් ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු කීපයක ලව් බර්ඩ් වර්ගයේ කුරුල්ලන් 10 දෙනෙකු ද , තවත් ගිරව් විශේෂයකට අයත් කුරුල්ලන් 17 දෙනෙකු ද , වෙන වෙනම කුඩා ප්ලාස්ටික් කුරුළු කූඩ තුළ දමාගෙන මෙරටට ගෙනැවිත් තිබුණි . මෙම කුරුල්ලන් සියලු දෙනාගේ වටිනාකම රුපියල් 6,50,000 ක් බව ගුවන් තොටුපොළ රේගුව පවසයි .
ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ මෙම කුරුල්ලන් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සදහා මෙම ව්‍යාපාරිකයාට නිසි බලපත්‍ර නොතිබුණු බව රේගුව ප්‍රකාශ කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත... ජනතාව මීට වඩා කල්පනාකාරී විය යුතුයි.. සමහර උගතුන් පවා මේ අට පාස් දේශපාලකයන්ට කඩේ යනහැටි දැක්කම දුකයි...
මාතෘකාවට අදාලව නෙමෙයි නේද ප්‍රවෘත්තිය පලවෙලා තියෙන්නේ...? කොහෙද යන්නේ මල්ලේ පොල් තමයි.