(ඩයනා උදයංගනී)
ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.25ට කොළඹ කොටුව බලා ගමන් අරඹන කාර්යාල දුම්රිය ගනේගොඩ ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් අද (17) උදෑසන එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය.
බොහෝ දුම්රීන් ප්‍රමාද වී ධාවනය හේතුවෙන් සෞඛ්‍ය නිර්දේශ ද නොතකා දැඩි තදබදයක් යටතේ දුම්රියවල ගමන් කිරීමට මගීන්ට සිදුවිය.
කොරෝනා අවදානම පැවතියත් නියමිත වේලාවට සේවයට වාර්තා කරන්නට සිදුවන බැවින් මෙසේ ගමන් කිරීමට සිදුවීම ගැන මගීන් දුම්රිය බලධාරීන්ට දොස් පවරනු ද අසන්නට ලැබිණි.
කුරුණෑගල සිට කොළඹ කොටුව දක්වා ගමන් කරන දුම්රියේ ආධාරයෙන් මෙම දුම්රිය ඉදිරියට තල්ලු කිරීමෙන් මාර්ග අවහිරය මගහරවා ගන්නට බලධාරීන් පියවර ගෙන තිබිණි.
COMMENTS
දුම්රිය වර්ජනය ආරම්බ වුණා.. කියන්නේ මූලිකවම දුම්රිය ප්‍රමාද කිරීමයි.