
(ඩයනා උදයංගනී)
ජාතියේ අනාගතය වන දරුවන් වෙනුවෙන් සෞඛ්‍යාරක්‍ෂිත අයුරින් මෙම මස සිට ක්‍රමානුකූලව පාසල් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
දරුවන්ගේ සතුට යනු දෙමාපියන්නේ හා රටක සතුට බැවින් ඔවුන් වෙනුවෙන් ඒ මහා ආරම්භය ගැනීමට සූදානම් බව ද ඇමතිවරයා සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ අදට (1)යෙදී තිබූ ලෝක ළමා දිනය නිමිත්තෙන් පැවති ජාතික සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
මෙවර ලෝක ළමා දින සැමරුම “සියල්ලටම පෙර දරුවන්” යන තේමාව යටතේ ජාතික රූපවාහිනී ප්‍රධාන මැදිරියේදී අද (1) පෙරවරුවේ පැවැත්විණි.
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් දරුවන් සීමිත පිරිසක් පමණක් සහභාගී කරවාගෙන මෙම සැමරුම පැවැත්වීමට පියවර ගෙන තිබිණි.
දරුවන්ගේ දක්‍ෂතා ඇගයීමේ වැඩසටහන්, සහතික පත් ප්‍රදානය කිරීම්, ඇතුළු අංග රැසකින් මෙම ළමා දින සැමරුම් වැඩසටහන සමන්විත විය.



COMMENTS
පළමුව පාසල් දරුවන්ට මොඩර්නා වැනි ලොව ඔවුන්ටම අනුමත කල එන්නතක් ළබා දීම අවශ්‍යයි. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළට පෙනී සිටින දරුවන්ට හෝ එය දීම ආරම්භ නොකර තිබීම කණගාටුවට කරුණකි...
දෙමාපියන්ට ගුරුවරු සමග සටන් කරන්න වෙයිද?