
(යොහාන් භාසුර)
රටපුරා ආනයනික කිරිපිටි සහ දේශීය කිරිපිටි හිඟයක් ඇති වී තිබේ.
ඩොලර් හිඟය හේතුවෙන් කිරිපිටි ආයනය කිරීමට බාදා ඇති වීමෙන් මෙම තත්වය නිර්මාණය වී ඇති බවත් මීට පෙර ආනයනය කළ කිරිපිටි සඳහා ගෙවීම් නොකිරීම නිසා විදේශ කිරිපිටි සමාගම් නව තොග නැව්ගත නොකරන බවත් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයෙක් පැවසීය.
දේශීය කිරිපිටි බෙදාහැරීම පිළිබඳව ගැටලුවක් හේතුවෙන් දේශීය කිරිපිටි හිඟයක් ඇති බව එම සමාගම නිලධාරියෙක් කීය.
සාමාන්‍ය වෙළඳසල්වල සහ සුපිරි වෙළඳසල්වල කිරිපිටි තොග නොමැති අතර කිරි පැකට්ටුවක් මිලදී ගැනීමට ඇතැම් වෙළඳසැල්වලින් යෝගට් 10 ක් මිලදී ගත යුතු බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලර් හිඟය ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කරන දුර්ලභ අවස්ථාවක්
කබ්රාල් කියන්නෙ ඩොලර් ඕසෙට තියෙනව කියලා
යෝගට් ගන්ට කියල තියෙන්නේ ඒවා තේ එක්ක බොන්ට කියලද?