IMG-LOGO

කරාපිටිය අධිකරණ වෛද්‍යවරු යළි සේවයට

(ජේ.කේ.එල් චාමින්ද)

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ අධිකරණ වෛද්‍යවරුන් විසින් අද (23) පස්වරුවේ සිට නැවත පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ආරම්භකරණු ලැබීය.
 
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත්කොට ඇති  කොවිඩ් ආසාදිත පුද්ගලයකුගේ මළ සිරුර මෘත ශරිරාගාරයෙන් ඉවත්කරගන්නා තෙක් කරාපිටිය ශික්ෂණ රෝහලේ හා රුහුණු වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ අධිකරණ වෛද්‍යවරු   සිය සේවා කටයුතු වලින්  අද පස්වරු 1.30 දක්වා ඉවත්ව සිටියහ.
 
අද (23) දින මියගිය පුද්ගලයින් 05 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට තිබුණි. මියගිය පුද්ගලයින්ගේ ඥාතීන්  පිළිබද සලකා බලා එම පශ්චාත් මරණ පරීක්ෂණ  කළ බැව් කරාපිටිය වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි  යු.සී.පී.පෙරේරා මහතා පැවසීය.
 
මෙකී මෘත දේහය ඉවත්කර නොගතහොත් අද (23) මධ්‍යම රාත්‍රියේ සිට කරාපිටිය ශික්ෂණ රෝහලේ හා  කරාපිටිය වෛද්‍ය පිඨයේ  සියලුම අධිකරණ වෛද්‍යවරුන් සිය සේවාවලින් ඉවත් වීමට තින්දුකොට ඇති බවද හෙතෙම කීය. මේ පිළිබද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු හා සෞඛ්‍ය බලධාරින් දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.



අදහස් (5)

කරාපිටිය අධිකරණ වෛද්‍යවරු යළි සේවයට

Demuni Uduwara Wednesday, 23 December 2020 04:01 PM

මොනවද මෙ දිව දෙකේ කතා? සදාචාර ප්‍රතිපත්ති ක්‍රමවෙදයක් අනුගමනය කරමු...

:       3       4

fairoosThursday, 24 December 2020 07:30 AM

මෙතන තියෙන්නේ ජාතිවාදී ප්‍රශ්නයක්නේ...

:       1       2

jayasekaraThursday, 24 December 2020 08:59 AM

නැහැ ඔතන තියෙන්නේ .... ආගමෙන් ඇස් අන්ධ වුණා. අකීකරු අන්තවාදී ප්‍රශ්නයක්...

:       1       2

mahinda Thursday, 24 December 2020 02:10 AM

අහෝ සෞභාග්‍යයේ අභාග්‍ය.. ඕකට විසඳුම ඇත්තේ අලි සබ්‍රී අතේ පමණයි. පහුගිය කාලේ අලි සබ්‍රී දීපු අලි ටෝක් කෝ දැන්...?

:       0       0

Mohamed Thursday, 24 December 2020 06:09 AM

සත්‍යය කවදා හෝ ජයගනීවි.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site