(ආනන්ද ඉ ජයකොඩි)
කොරෝනා වයිරසය ආසාදනය වි දුර මධ්‍යස්ථානයක ප්‍රතිකාරගෙන සුවය ලබා නැවත පැමිණෙන පුද්ගලයන්ගෙන් මහා පරිමාණ මුදල් ගසා කෑමක් කර ගෙන යන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ සංගමයේ උප සභාපති ඇස් ඒ යූ ටී කුලතිලක මහතා පවසයි.
යාපනය ප්‍රතිකාර මධ්‍යස්ථානයක දී සුවය ලබා ඇති රෝගීන් පිරිසක් වෑන් රථයකින් ගම්පහ සිය නිවෙසට පැමිණීමට එක් අයකු ගෙන් රුපියල් 6000 බැගින් අයකරගෙන ඇති බවද උප සභාපතිවරයා කියයි.
වයිරසයෙන්සුව වූ රෝගීන් රැගෙන යාමට වාහන නැති බවත් නිවාසවලට යාමට අවශ්‍ය නම් පුද්ගලික වාහන වලින් යා යුතු බව පවසා එසේ වාහන රැගෙන දී මුදල් ගරා ගැනීමක් කරන බවත් උප සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙය බලවත් අසාධාරණයක් බවත් මේ තත්ත්වය යටතේ සුවය ලබා ඇති රෝගීන් දොස් පවරන්නේ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යැවීමට මූලික වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හට බවද උප සභාපතිවරයා කීය.
මෙම මුදල් ගසා කෑම වහාම නැවැත්විය යුතු බවද පැවසූ උප සභාපතිවරයා අනෙක් පැත්තෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සාමාන්‍ය ජනතාවට එන්නත් නැති බවට ප්‍රකාශ කරන නමුත් දේශපාලන බලපෑම් මත යම් යම් ස්ථාන වලදී කොවිඩ් එන්නත් ලබා දීම කර ගෙන යන බවද උප සභාපතිවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි සියල්ල නිවැරදි නම් අප මොනතරම් දීන, අසික්කිත මිනිසුන් කොට්ඨාශයක්ද..? ඇත්තෙන්ම විය යුත්තේ "හැකිනම්" ස්වේච්ඡාවෙන් එසේ අසරණ වූ මිනිසුන්ට පිහිටවීම නොවේද?
ඇයි ඒ ඒ පළාත්වල නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවන්නේ නැත්තේ? ඔයිට කළිනුත් සංචරණ සීමා දාලා තිබුණු වෙලාවක මග දාලා ගිහින් තිබුණු මිනිස්සුන්ව ඇයි මේ වගේ ජරා වැඩ කරන්නේ? අරන් ගියානම් ගෙනැල්ලා දාපල්ලා...