IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


කොරෝනා රෝග ලක්ෂණ

කොරෝනා වෛරසය හේතුවෙන් මේවන විට චීනයේ 132 දෙනකු මියගොස් 6000 කට අධික රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට මුළු ලෝකයේම අවධානය කොරෝනා වෛරසය වෙත යොමුවී තිබේ. එමෙන්ම මෙම වෛරසයේ නම ඇසූ පමණින් මිනිසුන් තැති ගැන්මකට ලක්වීම එහි ඇති භයානකත්වය කැඩපතක් මෙන් දිස්වේ.

මොකක්ද මේ කොරෝනා වෛරසය
Corona Virus (2019 nCoV) මෙය නෝවල් කොරෝනා වෛරසය ලෙස ද හැඳින්වේ. කොරෝනා වෛරසය යනු විශාල වෛරස් පවුලකට අයත් වන එක් වෛරස් කාණ්ඩයකි. එය ඍභ් වෛරසයක් වේ. සාමාන්‍යය උණ හෙම්බිරිස්සාවේ සිට පෙනහළුවල ඇති වන දරුණු නිව්මෝනියා තත්ත්වය දක්වා රෝගී තත්ත්වයට පත්කිරීමට මෙයට හැකියාව ඇත.

මෙම රෝගය ඉතාමත්ම මෑතකදී මුලින්ම හඳුනා ගනු ලබන්නේ චීනයේ Wuhan නගරයෙනි. 2019 දෙසැම්බර් මස Wuhan,Hubei යන නගරවලින් නිව්මෝනියා තත්ත්ව සහිත රෝගීන් වාර්තා වූ අතර වෛද්‍යවරුන්ට එම නිව්මෝනියා සහිත රෝගීන්ගේ රෝග කාරකය සොයා ගැනීමට නොහැකි විය. විශාල වශයෙන් රෝගීන් ප්‍රමාණය වැඩිවීමත් සමඟම ඔවුන් මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදුකරන විට ස්වසන මාර්ගයෙන් ලබාගත් සාම්පලවලින් Novel Corona Virus (2019 nCoV) යන වෛරසය එම රෝගීන්ට වැළඳී ඇති බව වෛද්‍යවරුන්ට තහවුරු කර ගැනීමට හැකිවිය.

මුලින්ම හඳුනාගෙන ඇත්තේ මත්ස්‍ය වෙළෙඳපොළකින්
චීනයේ උමය්බ නගරයේදී මුලින්ම මෙම රෝගීන් හඳුනාගත හැකි වූ අතර මේ වන විට චීනයේ අනෙකුත් පළාත් සහ තායිලන්තය, දකුණු කොරියාව සහ ඇමරිකාව යන රටවලටද මෙය ව්‍යාප්ත වී තිබේ. මුලින්ම චීනයේ ්‍යම්බ්බ මත්ස්‍ය වෙළෙඳපොළේ ගැවසී සිටි පුද්ගලනයන් අතරින් මෙම රෝගීන් හඳුනාගත හැකි විය.

වෛරසයේ රෝග ලක්‍ෂණ
මෙම වෛරසය ආසාදනය වූ රෝගීන්ගෙන් තද උණ (38 C ˚ක්‍ වැඩි), කැස්ස, මාංශ පේෂීවල අධික වේදනාව, හිසරදය, සෙම සමඟ ලේ පිටවීම, හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ දැකගත හැකිය. එමෙන්ම සෙම සමඟ ලේ පිටවීම සහ සුළු පිරිසකට පාචනය ද ඇති විය හැක.

වෛරසයෙන් දරුණු තත්ත්ව ඇතිවන්නත් පුළුවන්
කොරෝනා වෛරසය Coronaviridae යන වෛරස් පවුලට අයත් වෛරසයක් වන අතර එය සෛලවල ප්‍රෝටීන නිෂ්පාදනය පාලනය කරන  වෛරසයකි. එය මිනිසුන් සහ ක්ෂීරපායින්ට වැළඳේ. මෙහිදී සාමාන්‍ය රෝග තත්ත්වයේ සිට ඉතා දරුණු ස්වසනාබාධ (SARS - CoV) තත්ත්වයට පත්වේ. Severe Acute Respiratory Syndrome corona Virus (SARS)-Cov  සහ Middle East Respiratory Syndrome Corona Virus (MERS- CoV) යන දරුණු රෝගී තත්ත්ව දක්වා රෝගීන් ඉතිසාහයේ හමු වී ඇත. පසුගිය දශක කිහිපය තුළ මිනිසුන් 10,000කට වඩා වැඩි ප්‍රමාණයක් (SARS - CoV iy MERS - CoV) මගින් පීඩාවිඳ තිබේ. මෙහිදී SARS - CoV හි මරණ අනුපාතය සියයට 10 ක් වන අතර (SARS - CoV) හි මරණ අනුපාතය සියයට 37 ක් ලෙස සඳහන්වේ. මේ කරුණු සලකා බැලීමේදී කොරෝනා වෛරසයේ ඇති දරුණු බව හඳුනාගෙන ඇත්තේ හරියට මුහුදේ මතුපිටින් පෙනෙන අයිස් කන්දක් ලෙසය. එහෙත් හඳුනා නොගත් ජලයේ අභ්‍යන්තරික කොටසේ ඇති අයිස් තට්ටුව පෙනෙන තරමට වඩා ඉතා විශාලය. එහෙත් මෙහි ඇති බරපතළකම මෙතෙක් ගණන් බලා නොමැත.

හෘද රෝග, දියවැඩියා සහ අධි රුධිරපීඩන රෝගීන්ට වැඩි අවදානමක්
පරීක්ෂණ කණ්ඩායම් මූලිකව සිදු කළ පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ හඳුනාගත් රෝගීන්ගෙන් භාගයකට වඩා අඩු ප්‍රමාණයකට ඒ හා සමඟම තවත් රෝගී තත්ත්ව තිබූ බවය. එනම් හෘද රෝග සහ දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග සහිත පුද්ගලයන් මෙම රෝගය වැළඳීමේ සහ සංකූලතා ඇති වීමේ ඉහළ අවදානමක් ඇති රෝගීන්වේ. මෙහිදී මුලින්ම ඇතුළත් කළ රෝගීන්ගේ CT පරීක්ෂණ සිදු කර ඇති අතර එම හැම රෝගියකුගේම CT පරීක්ෂණවල පෙනහළුවල වෙනස්කම් තිබී ඇත. බොහෝ දෙනකුට වෛරස් නිව්මෝනියා තත්ත්ව ඇති බව හඳුනාගෙන තිබිණ.
එම රෝගීන්ගේ රුධිර සාම්පල පරීක්ෂාවේදී සුදු රුධිරානුවල අඩු වීමක් සහ වසා සෛලවල අඩුවීමක් පෙන්නුම් කර ඇත. මෙම වෛරස් ආසාදනය සඳහා මෙතෙක් ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති අතර වෛද්‍යවරුන් මෙන්ම විද්‍යාඥයෝද මෙම වෛරස් ආසාදනය සඳහා බෙහෙත් නිෂ්පාදනය කිරීමේ පරීක්ෂණ මේවන විටත් පවත්වමින් සිටිති.

පාලනය කරන්නේ මෙහෙමයි
මෙම ආසාදනය පාලනය කර ගැනීම සඳහා සබන් යොදා අත් සෝදා ගැනීම මගින් මෙම රෝගය පැතිර යාම පාලනය කළ හැක.  මෙම වෛරස් තත්ත්වය බොහෝ විට පැතිර යන්නේ කෙළ බිඳිති මගිනි. එම නිසා ශ්වසන ආබාධ සහිත පුද්ගලයන් අසල ගැවසීම අවම කළ යුතුයි. ඔබ රෝහල් කාර්ය මණ්ඩලයේ අයකු නම් මුඛ ආවරණ පැළඳිය හැකිය. එසේම කැලෑ සතුන් සහ ගොවිපොළ ආශ්‍රිත මියගිය සතුන් අත ගෑමෙන් හා ළඟ ගැවසීමෙන්ද මෙය බෝවිය හැක. ස්වසන ආබාධ ඇති අය කිවිසුම් යැවීමේදී හා කහින විටදී රෙදි කැබැල්ලකින් මුව ආවරණය කිරීම හෝ ඉවතලන කඩදාසිවලින් මුඛය ආවරණය වන ලෙස භාවිත කළ යුතුය.

යම් හෙයකින් ශ්‍රී ලංකාව තුළ මෙම භයානක වෛරසය ආසාදනය වූ රෝගීන් හමුවුවහොත් එම රෝගී තත්ත්වය පැතිර යාම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලුම පියවර සෞඛ්‍ය අමාත්‍යංශය මගින් දැනටමත් ගෙන ඇති අතර සියලු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය මේ සඳහා සූදානම්ව සිටිති.

ගයාන් සූරියආරච්චි



අදහස් (4)

කොරෝනා රෝග ලක්ෂණ

Srilal Wednesday, 29 January 2020 06:44 AM

තද උණ (380ක්‍ වැඩි) යනු කුමක්ද?, ඒකකය කුමක්ද?

:       16       227

සනත් Wednesday, 29 January 2020 08:21 AM

38° c

:       0       8

thushara Wednesday, 29 January 2020 08:47 AM

සෙල්සියස් 38 (ෆැරන්හයිට් 100)

:       0       6

Dimuthu piyumal Friday, 13 March 2020 08:05 AM

කොරොනා හැදුනොත් ඔය රෝග ලක්ෂණ සේරම ඇතිවෙනවද?

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1885 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1515 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site