වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කරන ලද නවතම වාර්තාව අනුව කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 654 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනය වනවිට රෝහල්වල රැඳී සිටිමින් ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ගණන 652කි.
අද (13) වැනිදා රාත්‍රී 8.00 ට වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කරන ලද වාර්තාව අනුව කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 652 දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේන් හමුවී ඇති සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2644 ක් වන නමුත් ඔවුන් අතරින් 1981 දෙනෙක් මේ වන විට සුවය ලබා ආපසු නිවෙස් බලා පිටව ගොස් තිබේ. මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 652 කි.
ජුලි මස 10 වැනිදා සිට අද (13) වැනිදා දක්වා සුවය ලබා පිටව ගොස් ඇත්තේ රෝගීන් දෙදෙනකු පමණි. එහෙත් ජුලි 10 වැනිදා පෙරවරුවේ සිට අද (13) රාත්‍රී 8.00 වන විට නව ආසාදිතයින් 490 දෙනෙකු හමුවී තිබේ. ජූලි 9 වැනිදා රාත්‍රිය වන විට ප්‍රතිකාර ලබමින් සිටියේ කොරෝනා රෝගීන් 164 දෙනකු පමණක් වුවත් දින 4 ක් ඇතුළත එය 652 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත් කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේදී ප්‍රතිකාර ලබාගත් රෝගීන් 2644 අතුරින් මේ දක්වා මියගොස් ඇත්තේ රෝගීන් 11 දෙනෙකු පමණි.




COMMENTS
නියමයි, නුඹලා වගේ අයව කුමන වර්ගයේ ස්වභාවික බලවේගයකින් විනාශවිය යුතුයි. අනිච්ඡාවත සංඛාරා...