
(ළහිරු හර්ෂණ)
ශ්‍රී ලංකාවේ දී කොවිඩ් මර්ධන එන්නත් නිපදවීම සම්බන්ධයෙන් නීතිමය තත්වය, අවශ්‍ය නීතිමය ගිවිසුම් සකස් විය යුතු ආකාරය පිළිබදව විශේෂ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යාංශයේදි අද පැවැත්විණි.
නීතිපති දෙපාර්තමේන්තුවේ, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීහු මෙම සාකච්ඡාවට එක් වූහ.
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, පැවැති මෙම රැස්වීමට ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ද මෙම අවස්ථාව එක් විණි.
එන්නත් දේශීයව නිෂ්පාදනය කිරීම හරහා අගෝස්තු මාසය වන විට එන්නත් මිලියන 06 ක් හා සැප්තැම්බර් මාසය වන විට එන්නත් මිලියන 07 ක් ලෙස නිපදවීමේ ශක්‍යතාව ඇති බවත් ආනයනය කරනු ලබන එන්නත් ප්‍රමාණය සමග මෙකී ඉලක්ක සපුරා ගතහොත් සැප්තැම්බර් මාසය අවසන් වන විට මෙරට ජනගහණයෙන් සැළකිය යුතු ප්‍රතිශතයකට එන්නත්කරණය කළ හැකි බවත් එය වසංගතය මර්දනය කිරීමට විශාල පිටුබලයක් වන බවත් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මේ ජනතාව රවට්ටන්න කරන ලොකු බොරුවක්... ඔය වෙන්න තියෙන හැම දෙයක්ම වෙලා ඉවර වෙනකල් මොන බොරුවක් හරි දාගෙන කාලය කා දමනවා...!!!
මෙයාලාගේ විහිළු කතා... ඉස්සරවෙලා කිව්වා මාස 02න් පටන් ගන්නවා කියලා. දැන් කියනවා වෙන දෙයක්.. මේ අය හදන බෙහෙත්... කයිය විතරයි. පුළුවන් දෙයක් නෑ. මිනිස්සු මැරෙනවා.. ඒකයි වෙන්නේ. බේත ගෙනත් විදින්නේ නැතිව ඉන්නවා. මොන දේ කරන්න ගියත් ෆේල් තමයි.
හොඳට තියෙයි....!!!
මොකටද වියදම් කරලා අනුන්ගේ එන්නතක් අපේ රටේ හදන්නේ..? අනික කොරෝනා වැක්සීන් පිටින් ඕඩර් කරලා ඉවරයිනේ... ඔයිට වඩා හොඳ නැද්ද අපේම කියලා බෙහෙතක් හදන එක..?
හදලම කියන්නකො බැරිබවක් නොපනේවා
වොක්ස් වැගන් කම්පැණිය වගේ තමයි...
මෙයාලට බැහැ නොවේ... අපට බෑ කියන්න. අපි තෝරලා යවපු කට්ටියක් තමයි අපි වෙනුවෙන් ඔය වැඩේ කරන්නට උත්සාහ කරන්නේ. ඔය කට්ටිය අපි වගේ සාමාන්‍ය මිනිස්සු නොවේ. මහාචාර්යවරු සහ අනෙක් උගත්තු.. උගත්කමට ගරහන්නේ අඥානයෝ...
මේක මහා රැවටීමක්. එන්නත මෙහේ හදන්න නම් ඒකේ සූත්‍රය දැන ගන්න එපැයි. ඒක දෙයිද ඒකට ඩොලර් බිලියන ගණන් වියදම් කරලා පරීක්ෂණ කරපු සමාගම්... මේ කරන්න යන්නේ එන්නත තොග වශයෙන් ගෙන්වලා කුප්පි වලට දාන වැඩේ. හැබැයි ඒකත් කරන්නේ දිලිත් ජයවීරගේ ජෝර්ජ් ස්ටුවර්ට්ම විතරයි වෙන සුදුස්සෝ කොච්චර හිටියත්.
කරන්න පුළුවන් ලංකාව ගොඩ... කතාව විතරක් නම් ඉතින් සර් අසමත් තමයි.
මං හිතුවේ කියපු හැටියට මේ අද හෙට ඕක පටන්ගනියි කියලා. දැන් නීතිමය සාකච්ඡා තියන්නේ. ඔය ෆැක්ටරි හදලා සේවකයින් පුහුණු කරලා අදාල යටිතල පහසුකම් හදන්න තව කොච්චර කල් යයිද? හොඳම විහිලුව ඒ දවස්වල වෙන වෙන බෙහෙත් ක්‍රම ගැන දේශනා කරපු ඡන්න මහත්තයත් මෙතන...