(නිමල කොඩිතුවක්කු)
සියලුම පෞද්ගලික බස් රථ සේවකයන් සඳහා මේ සතිය තුළ කොවීඩ් එන්නත ලබාදීමට රජය කටයුතු නොකළහොත් බස් රථ ධාවනයෙන් ඉවත් වීමට ඒකාබද්ධ තීරණයක් ගත් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියයි.
මේ සතිය තුල බස් රථ සේවකයන්ට කොවීඩ් එන්නත ලබාදීමට ලබා දීමට රජය අපොහොසත් වුවහොත් ලබන 17 වැනි දා සිට බස් රථ ධාවනයෙන් ඉවත්ව අඛණ්ඩ වර්ජනයක නිරත වන බවද විජේරත්න මහතා සඳහන් කළේය.
මේ වන විටත් බස් රථ සේවකයන් විශාල පිරිසක් කොවිඩ් ආසාදිතයන් බවට පත්ව ඇති බවද ඔහු කියා සිටියේය.
මගී ජනතාව සමඟ වැඩි වශයෙන් ගනුදෙනු කරන සියලුම බස් රථ, දුම්රිය ඇතුළු ප්‍රවාහන මාධ්‍යන් වල සේවයේ නියුතු පිරිස් සඳහාද කඩිනමින් කොවීඩ් එන්නත ලබාදීමට රජය පියවර ගත යුතු බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
තමන්ගේ සහෝදර රටවැසියන් වෙනුවෙන් කරන්න පුළුවන් හොදම සේවය....පුළුවන් නම් එකදිගට සතියක් ඔය ඔය දේ කරනන
පොදු බස්වල යන්න මිනිස්සුත් නැහැ. මිනිස්සු කැමතිත් නැහැ. ඒ නිසා ගණන් උස්සන්නේ නැතුව ඉන්න. රටේ බහුතරයකට එන්නත් ලැබිල නැහැ. අපටත් නැහැ.
වැඩක් නෑ මෙයාගේ කතා නම්
කොහොමත් ලබන සතිය වෙනකොට මිනිස්සුම තම තමන්මම ලොක්ඩවුන් වෙනව නොනිල ඇදිරිනීතිය ක්‍රියාත්මක වෙනව මාස දෙකකට වත් උබලට බස් ගෙවල්වල ගාල් කරන්න වෙනව. උබල ඉන්ජෙක්ශන් ගහගෙන මිනිස්සුන්ව පොල් පටෝල වගේ අනාරක්ශිතව ගෙනියන්න
ඊට කලින් ඔබේ ඔය සංගමේ අයට කියන්න මත්පැන් මත්කුඩු පානය නොකර මුහුණු ආවරණ පැළඳ බස් පදවන විට දුම්පානය නොකර මගීන්ට කුණුහරුපයෙන් නොබැන තමන්ගේ රියැදුරු සහ කොන්දොස්තර රස්සාව කරන්න කියලා.
මෙයා නම් විස බීජයක්. එක්කෝ මෙවැනි ආපදාවලදී, නැත්නම් සාමාන්‍ය පෙල හෝ උසස් පෙළ විභාගය පවතිද්දී, තවද අවුරුදු නිවාඩු කාලයේදී මොනවා හරි විස බීජයක් අදිනවමයි.