(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමෙන් පසුව රුධිරය කැටි ගැසුණු මෙරට හය දෙනකුගෙන් තිදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසුවාය.
මෙම එන්නත ලබා ගැනීමෙන් සති කිහිපයකට පසුව රුධිරය කැටි ගැසුණු රෝගීන් වෙනත් රටවලින් ද වාර්තා වී ඇතැයි කී ඇමතිවරිය මෙවැනි සිදුවීම් වාර්තා වන්නේ මිලියනයකට 4ත් 6ත් අතර 4ත් 6ත් අතර ප්‍රමාණයකින් බවද සඳහන් කළාය.
කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය රුධිරය කැටි ගැසීම හා එන්නත් අතර සෘජු සෘජු සම්බන්ධතාවයක් හඳුනා ගෙන නැතැයිද වන්නිආරච්චි මහත්මිය කීවාය.
කොරෝනා රෝගී තත්ත්වය නිසා ඇතිවිය හැකි ආබාධ සමඟ සංසන්දනය කිරීමේ කිරීමේ දී රුධිරය කැටි ගැසීමට ඇති ප්‍රවණතාව ඉතා අල්ප බවත් එන්නත්කරණය තුළ ඇතිවිය හැකි කලාතුරකින් ආසාත්මිකතා තත්ත්වයන් සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දීමෙන් එන්නත්කරනය ගැන මහජන විශ්වාසය පළුදු විය හැකි බවත් පැවසුවාය.
දැනට භාවිතා වන බොහෝ එන්නත් වලින් ලක්ෂයකට එක් අයකුට උගුරේ ආසාත්මිකතා තත්ත්වයන් ඇතිවිය හැකි බවත් සෞඛ්‍ය ඇමැතිවරිය කීවාය.
ඇය මෙසේ පැවසූයේ පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2)යටතේ මතු කළ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
ඔයා නොදන්න දේ්වල් කියන්න ගිහින් වරිගේ නහගන්නේ නැතුව නිශ්ශබ්දව ඕන දෙයක් වුණාවේ කියලා හිටියා නම් නේද හොඳ
හප්ප්පේ එන්නත් පිළිබද විශේඥ තුමිය ! ඔයා මොනවද අනේ එන්නත් ගැන දන්නේ ඔබතුමිය අර මුට්ටි වීසිකරමින් . පැණි බෙදමින් ඉඳල වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු කාර්ය මණ්ඩලයේ කැපවීම හින්ද මෙලෝ එළිය බලන්න වාසනාව ලබපු කෙනෙක් නෙව වෙච්ච දේ ගැන අහල යම් කනගාටුවක් අනුකම්පාවක් ඒ දවස්වල ඇති වුණා එක නැතිකර නොගෙන නොදන්නා දෙමළෙට නොගිහින් කට පියාගෙන ඉන්න මැතිනිය
ඒ් කාලේදිම ලොක්ඩවුන් කරානම් අද මේ දුක විඳින්නේ නැහැනේ.. දැන් ඉතිං වෙච්ච දේට... එන්න සෙයිවදු කියලා තමයි කියන්න වෙන්නේ.. අනේ මැඩම් ඔබතුමිය මේ පව කවදා ගෙවන්නද...?
මමත් හිතන්නේ ඔය විද්‍යාත්මක දේවල් ගැන දේශපාලනය කරන අය කියන්න ගියාම අවුලක් හැදෙනවා. ඒක වෛද්‍යවරු කියයි. කෙටියෙන් උත්තරයක් දෙන්න තිබුණා. ඒක නිශ්චිතවම කියන්න බැහැ... අපි පරීක්ෂණ කරනවා කියලා...
අනේ පව් ඒ මිනිස්සු. අපි මේ බලාගෙන ඉන්නේ අර පැණිය බීපු මෝඩ රැල මැරෙනකල්?
මෙච්චර දවසක් සද්ද නැතිව ඉඳලා දැන් ඕවා කියන්නේ ජනතාවට තියෙන ආදරේට නෙමේ, චීන එන්නත හොඳයි කියලා පෙන්වන්න.
දෙවැනි එක නෑ කයිවාරුව තමයි. එකටයි වහෙන් ඔරු ගේම ගහන්නේ.
අසාධිතයින්ට එළමුත්‍ර මුට්ටි කැළණි ගඟේ නාගලෝකයේ දොරටුව කිට්ටුවට අතඅරින්න සලස්වලා බඩ පිරෙන්න පැණිය පෙව්වා නම් ඔය නස්පැත්තිය වෙන්නේ නැහැනේ නෝනේ...
පහුගිය උත්සව සමයේ ජනතාව පිස්සු කරපුවගේ ප්‍රතිඵල දැන් ලැබෙනවා නේද?
මම නම් කියන්නේ මොන දේ කළත් රජයේ නිලධාරීන් ටිකයි, ආරක්ෂක අංශවල අයයි... මී පැටව් වගේ ටෙස්ට් කරන්න දෙන්න එපා. අපි කිසිම රටක් විශ්වාස කරලා මේ වගේ අවස්ථාවක වැඩ නොකළ යුතුයි. පැණියට බැන්නට පැණි බීලා කාටවත් බඩේ අමාරුවක් වත් හැදුණේ නැහැ මොනවා වුණත්...
රුසියාවට මගෝඩි කතා කිව්වට ස්පුට්නික් එන්නත ගත්තු කවුරුත් තවම මැරුණේ නැහැ.