IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොරෝනා ආසාධිත චීන ජාතික කාන්තාව සුවය ලබයි

චීනයේ හූබෙයි නගරයේ සිට මෙරටට පැමිණි කොරෝනා වෛරසය ශරීරගත වූ 43 හැවිරිදි  චීන ජාතික කාන්තාවට අයි.ඩී.එච් රෝහලේදී ලබාදුන් ප්‍රතිකාරවලින් සම්පූර්ණ සුවය ලබා අති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.



අදහස් (28)

කොරෝනා ආසාධිත චීන ජාතික කාන්තාව සුවය ලබයි

wimal Saturday, 01 February 2020 10:41 AM

බොහොම හොඳ නිව්ස් එකක්...

:       0       136

පිටිගල මිලානෝ Saturday, 01 February 2020 10:48 AM

වෛරස් රෝගයකට ප්‍රතිකාර නැත. එසේ නම් ලංකාවේ කිනම් බෙහෙතෙන්ද ප්‍රතිකාර කලේ? කියන්න අපිටත් දැනගන්න.

:       1028       320

මරුසිරා Saturday, 01 February 2020 11:23 AM

හරි පුදුමයි. සමහරවිට අධ්‍යාත්මික බලවේගයක් නිසා සුව වුණාදෝ කියලත් හිතෙනවා...

:       137       11

some aiyaSaturday, 01 February 2020 11:43 AM

නොකොරෝනා

:       0       0

කපුරුහාමිSaturday, 01 February 2020 12:43 PM

අනේද කියන්නේ? පුදුම විශ්ම කර්මයෝනේ ඉන්නේ...

:       148       14

සඳුන්Saturday, 01 February 2020 12:44 PM

වෛරස් රෝගවලට ප්‍රතිකාර තිබෙනවා. එකක් එන්නත් ක්‍රම මගින් ලබා ගන්නා ප්‍රතිශක්තිය... අනෙක රෝගයෙන් ඇතිවන අතුරු අාබාධ පාලනය කොට ස්වභාවයෙන් ලැබෙන ප්‍රතිශක්තියෙන් රෝගය පාලනය කිරීම... හැබැයි කුහකකමට නම් තවම බෙහෙත් හොයාගෙන නෑ...

:       106       1293

JayaSaturday, 01 February 2020 02:12 PM

මේ වසරේ හොඳම කියමන. විශේෂයෙන් තමන්ගේ රටේ කිසිම වටිනාකමක් අගය නොකරන කුහකයින්ට...

:       0       59

පිටිගල මිලානෝ Saturday, 01 February 2020 06:48 PM

එන්නතක් මගින් ලබා දෙන්නේ ප්‍රතිශක්තියක් මිස රෝගය වැළඳුන කෙනෙක්ට ප්‍රතිකාරයක් නොවේ. වෛරස් රෝගියෙක්ට ඇතිවන අතුරු අබාධ වලට ප්‍රතිකාර කිරීම යනු වෛරස් රෝගයට ප්‍රතිකාර කිරීම නොවේ. එය වෙනකකි. පණ්ඩිතකම මහ මුදලිකමටත් වඩා ලොකු බව ඔබට දැන් තේරෙනවද?

:       9       1

NishanSunday, 02 February 2020 04:00 AM

මම දුටු හොඳම ප්‍රතිචාරය මෙයයි. ඉතාමත් හොද කියමනක් සඳුන්. ( තමන්ගේම රට රෝගය පාලනය කිරීම තුළින් සුවපත් කළා කියල අහන්න සතුටු නැහැ )

:       1       105

kumaraSunday, 02 February 2020 08:22 AM

සඳුන් මයා වෙත... මට පෙනෙන්නට ඇත්තේ මිනිසුන්ගේ කුහකකම නොවේ. ඉතිහාසයේ සිටම විවිධ පක්ෂවල ජනාධිපති සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වා සියළු දෙනා සඟ, ගුරු, වෙද, කම්කරු යන්නේ ඇතුළත් පුද්ගලයින් දේශපාළන ගැත්තන් කර කඩේයාම් හරහා ජනතාවට බොරුකීමෙනි. එමනිසා සක්කරයා කීවත් මිනිසුන් එම කාරණාව මනින්නේ දේශපාලනමය පැතිකඩකිනි. එයට හේතුව නම් ඉහත පෙන්වූ ගිනි පෙනෙල්ලෙන් අප සියළු දෙනා බැට කා ඇති බැවිනි. අනෙක් කාරණාව නම් වෛරස් රෝගය ප්‍රතිශක්තිය මඟින් සුවවන බව මට විශ්වාසයි.

:       0       7

Corona Saturday, 01 February 2020 11:03 AM

අපිව රවට්ටනවද? ලෝකෙ රවට්ටනවද? එයාලම රැවටෙනවද? කියලා දෙයියොම තමයි දන්නේ... ලෝකෙම මේ වෙනකන් කොරෝනා වෛරසයට බේතක් හොයාගෙනත් නෑ.. ඕක පුලුවන් නම් ලෝක සෞඛ්‍ය සංවිධානයට දන්වලා තහවුරු කර ගත්තා නම් හරි..

:       513       296

kamalSaturday, 01 February 2020 11:54 AM

රෝගය සුවපත් වෙන්නේ ශරීරයේම ප්‍රතිශක්තියෙන්.

:       0       0

Lakmal Saturday, 01 February 2020 12:47 PM

බෙහෙත් නැහැ තමයි. මේක හැදෙන හැදෙන අය මැරිලා වැටෙන්නේ නැහැ. ප්‍රතිශක්තිය මගින් වෛරසය ක්‍රමයෙන් ඉවත් කරනවා.

:       0       295

Yang chungSunday, 02 February 2020 09:34 AM

හරියට පත්තර කියවලා වෙබ් සයිට් එකක්, දෙකක් බලන්න. දැනට චීනයේ විතරක් 75 දෙනෙක් කොරෝනා වෛරසය හැදිලා හොඳවෙලා රෝහල්වලින් පිටවෙලා ගිහින් තියනවා. 306ක් මැරිලා 14,300ක් අාසාදනය වෙලා ප්‍රතිකාර ගන්නවා.

:       0       1

dare Saturday, 01 February 2020 11:33 AM

හුරේ... මේ ගමන්ම තත්වයෙන් උසස් රෝහල් ටිකක් හැදුවා නම් ලෝකේ හතරවටෙන්ම ලංකාවට එයි... බෙහෙත් ගන්න. දැන් පාර්ලිමේන්තුවේ අයට තේරිලා ඇති ලෝකේ හොඳම දොස්තරලා ඉන්නේ මෙහේ කියලා...

:       70       77

ජොනිSaturday, 01 February 2020 01:15 PM

මොන පිස්සුද? ලෙඩවුණාම යන්නේ රට... නැත්නම් සිංගප්පූරුවේ... එහෙනේ සුපිරි දොස්තරලා ඉන්නේ...

:       0       1

mihira Saturday, 01 February 2020 11:44 AM

ලංකාවේ කිනම් බෙහෙතෙන්ද ප්‍රතිකාර කලේ

:       0       0

සේන Saturday, 01 February 2020 11:53 AM

නව කොරෝනා වෛරසයට බෙහෙත් නැනි අතර , රෝගය වැළඳුනු කෙනෙකුට , රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකාර කරනු ලබයි. (symtematic treatments)කාලයත් සමගම රෝගියාගේ ශරීරය තුළම රෝගය සඳහා ප්‍රතිශක්තිය වර්ධනය වේ.(antibodies )ඉන් පසු රෝගියා සුවවේ. අපේ වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව අපි සතුටු වෙමු. අපි ආඩම්බර වෙමු.

:       0       0

mihira Saturday, 01 February 2020 11:53 AM

අනේ ඔය දුන්නු බෙහෙත් චීනෙට කිව්වනම් දහස් ගණන් ලෙඩ්ඩු බේරගන්න පුලුවන් නේද?

:       0       0

Ruhunu Saturday, 01 February 2020 12:18 PM

හෙට කියාවිද දන්නේ නැහැ ලෙඩා මළා කියලා... මොකද එයාලා කියනවා අපි අහනවා...

:       0       1

JCN Saturday, 01 February 2020 12:48 PM

නොදන්නා අයගේ දැන ගැනීමට... බොහෝ වෛරස් රෝගවලට නිශ්චිත ප්‍රතිකාර ලෙස බෙහෙත් නැත. නමුත් ඒවා සිරුරේ ප්‍රතිශක්තිය නිසා ඉබේම සුවවෙනවා. කවුරුත් දන්නා හොඳම උදාහරණය ඩෙංගු. නව කොරෝනා වෛරසයත් එහෙමමයි. නමුත් මාරාන්තික අවදානම ටිකක් වැඩි ඇති අනෙක් වෛරස් වලට වඩා. ඒකෙන් කියවෙන්නේ නෑ වෛරස් ආසාදිත හැමෝම මැරෙනව කියලා. නමුත් එච්.අයි.වී එහෙම නෙමේ. කලකට ඉහත නම් ඒඩ්ස් වැලඳෙන සැලකිය යුතු පිරිසක් මැරුණා. දැන් නම් ඒඩ්ස් වලටත් ඉතා සාර්ථක ප්‍රතිකාර තියෙනව මම දන්නා තරමින්...

:       0       315

DeSaturday, 01 February 2020 06:34 PM

සරලව පැහැදිලි කිරිම ගොඩක් හොද දෙයක්. ජනතාවට වරදක් කියන්නත් බෑ. පාලකයෝ , ඇතැම් වෘත්තිකයෝ අපිව හැමදේටම රවට්ටලා දැන් ඇත්ත කිවත් මිනිස්සු විශ්වාස කරන් නෑ.

:       0       1

Faara Saturday, 01 February 2020 01:07 PM

කොරෝනා හැදුණු හැමෝම මැරෙන්නේ නෑ. ප්‍රතිචක්‍රීකරණය අතින් දුර්වල අයගෙන් තමයි මරණ වාර්තා වෙලා තියෙන්නේ. විදෙස් වාර්තා වලට අනුව ලෙඩේ වැළදුණු 120කට අධික පිරිසක් සුවය ලබලා රෝහල් වලින් පිටත් වෙලා ගිහින් තිබෙනවා. කරුණා කරලා රෝහල් කාර්ය මණ්ඩලය අගයන්න. ගරහන්නේ නැතුව... විදේශිකයෙක් වුණත් එයාව පයින් ගහලා රටින් පන්නන්නේ නැතුව හොඳට සලකපු සියලු දෙනාවම ශ්‍රී ලාංකිකයෙක් හැටියට ඉතාමත් ගෞරවයෙන් යුතුව අගය කරමි.

:       0       0

Walter White Saturday, 01 February 2020 01:13 PM

රෝගයක් හැදුණාම මැරෙන්නේ වෙනත් සංකූලතා උත්සන්න වෙලා, ඉතින් ඒ ඒ සංකූලතාවලට ප්‍රතිකාර දුන්නම රෝගියා සුවවෙනවා. මෙතෙන්දි වෙලා තියෙන්නෙත් එ්ක තමයි. වෛරස් රෝගවලට ශරීරයෙන්ම ප්‍රතිදේහ හදලා සුවකරන අතර කාලයේ වෛරසය නිසා ශරීරයේ ඇතිවන සංකූලතාවලට ප්‍රතිකාර දෙනවා, ඉතින් සංකූලතා මරණය ගෙනදෙන තරමට උත්සන්න නොවන නිසා රෝගියා සුවවෙනවා. ඩෙංගු වගේ රෝගයක් ගෙදර ඉඳන් විවේක අරන් සනීප කරන්නත් පුළුවන්, එ්ත් එ්ක මෝඩවැඩක් වෙන්නේ අර කිව්ව විදිහේ සංකූලතා ඉතා දරුණු මරණය ගෙනදෙන තරම් බරපතල වෙන්න පුළුවන් නිසයි. මෙතෙන්දී රෝහල් කාර්යමණ්ඩලයට ස්තුති කළ යුතුයි. ඔවුන්ගේ සේවාව අගයකළ යුතුයි.

:       0       0

Amula Saturday, 01 February 2020 02:56 PM

හොඳයි ඒත් ලෙඩේ හුදුණු චීනෙටත් බැරිවුණු දේ... ලංකාවෙන් කළේ හාස්කමකින්ද?

:       0       0

ඉඳුනිල් Saturday, 01 February 2020 03:15 PM

මෙතන සිටින සියල්ල දත් යැයි සිතා සිටින බක පණ්ඩිත මහත්වරුන්ට කීමට දේවල් කිහිපයක් ඇත. 1. කොරෝනා වලට නැතත් වෙනත් වෛරස් රෝග සමහරක් වෙනුවන් මේ වනවිටත් ප්‍රතිවෛරස ඖෂධ ඇත. උදා: පැපොල, හර්පීස් වෙනුවෙන් 2. වෛරස් රෝගීන් ඇතැමෙක් ස්වභාවිකවම ප්‍රතිශක්තිය ලබා ගෙන සුවය ලබන බව සැබෑය. නමුත් එතෙක් ඔවුන්ගේ ජීවිතය රැකදීමට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම, සහය ලබා දීම වැදගත්ය. 3. ඒ නිසා එසේ ප්‍රතිශක්තිය ලබා සුවය ලබන විට ඒ වෙනුවෙන් වන වෛද්‍ය හා සෞඛ්‍ය කාර්යමණ්ඩල සහාය අවතක්සේරු කරන්නේ නම් එක්කෝ ඒ නොදන්නා කමටයි. නැත්තන් කුහක කමටයි. එසේත් නැතිනම් කැමැත්තක් සිතා ගත හැකිය.

:       0       1

Hafeel Saturday, 01 February 2020 06:15 PM

මෙච්චර දක්ෂ වෛද්‍යවරු සහ ප්‍රතිකාර මෙහෙ තියද්දී ඇයි මේ රටේ දේශපාලකයෝ සිංගප්පුරු යන්නේ? මහජන මුදල් නාස්ති කරන්නද?

:       2       2

Vishwa Sunday, 02 February 2020 09:11 AM

සරලව කියනවා නං ලංකාවේ ඩොකාලා කළදෙයක් නැත. ලෙඩාට ඉබේ සුව විය. චීනේ ඩොකාලා සහ අනෙක් රටවල ඩොක්කු වැඩකරුවෝය. ඒ අය බිම නිදාගෙන අල්ලට නොකා, සතපහක් නොගෙන ලෙඩ්ඩුන්ට සේවය කරනවා. ඒ ඈයෝ ලෙඩ ගැන දනිති. ප්‍රතිකාරයද දනිති. ඒ අයගේ වෛරස අපේ වෛරසයට වඩා බොහෝ දරුණුය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site