කන්දකාඩුහි පිහිටි මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිත 56 දෙනකු පිළිබඳව අද (09) තහවුරු කරගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි .
කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කාර්ය මණ්ඩලයේ 450 කට අධික පිරිසක් මේ වන විට පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඉන් 56 දෙනකු අද අසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.
එසේම උදෑසන මාරවිල ප්‍රදේශයෙන් අද උදෑසන ආසාදිත කාන්තාවක්ද සොයාගෙන ඇති බවත් ඇයද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක් ලෙස සේවය කරන කාන්තාවක් බවද අනාවරණය වී තිබේ.
ඒ අනුව අද දිනයේදී ආසාදිතයින් 57 දෙනකු වාර්තා වී ඇත.
ඒ අනුව, පස්වරු 4.15 වනවිට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2151ක් බව කෝවිඩ්-19 ට එරෙහි ක්‍රියාන්විතය හා සම්බන්ධ ශ්‍රී ලංකා නිල අන්තර්ජාල අඩවිය පවසයි.

COMMENTS
මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හා කොරෝනා වෛරසය අතර තිබෙන්නේ පුදුම සබැඳියාවක්.. ඒ වගේම ඥාතිත්වයක්. මොවුන්ගෙන් සිවිල් සමාජය බේරාගැනීම ගැන සෞඛ්‍ය බලධාරීන් වෙත තිබෙන්නේ ඉතාමත් භාරදූර වගකීමකි.. මේ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට ඇබ්බැහි වූවන් හරි හැටි රෝගය සුවවෙන තුරු සිවිල් සමාජයට මුදා නොහැර තබා ගත යුතුයි.. එය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ගේ යුතුකම හා වගකීම වන්නේය.
මාර වැඩේ තමයි...
ලංකාවෙන් කොරෝනා ගැන එන ආරංචි හරි පුදුමයි. මම හිතන්නේ ලංකාවේ තියෙන්නේ බෝ නොවෙන කොරෝනා ප්‍රභේදයක්. මෙහෙ බ්‍රසල්ස් වල, එක ඕපන් රෙස්ටුරන්ට් එකක ඉඳලා එක්කෙනෙක් අහු වුණොත්, ඒ වටේ හිටි තව 100 - 200කට අනිවාර්යයෙන් කොරෝනා හැදෙනවා. හිරේ හිටපු එක මිනිහෙක්ට කොරෝනා හැදුණා ලංකාවේ, පස්සේ කියනවා එයාට විතරයිලු කොරෝනා තියෙන්නේ. එක්කෝ මේ කතා බොරු නැත්නම්, කොවිඩ් වෙන බෝ නොවෙන ප්‍රභේදයක්, ලංකාවේ තියෙන්නේ. පහුගිය කාලේ වුණත් ලොක් ඩවුන් කරපු පළාත් වලින් කෝවිඩ් පැතිරුනේ නෑ. මේක ඇත්තටම හොයලා බලන්න ඕනේ කාරණාවක්... නාවික හමුදා කේස් එක වුණත් සැක සහිතයි. හැදුණු නාවික අය ගෙදර ගිහින් හිටියත් කාටවත් කොරෝනා හැදුනේ නෑ. දැන් මෙතන 57ක් හම්බ වෙලා, මෙහෙ එහෙම වුණානම් මුළු ඩිස්ට්‍රික්ට් එකටම ලොක් ඩවුන් දානවා...
මේක මේ අය බෝකරගෙන ඇත්තේ රට ඉඳලා එන අයගෙන් කන්දකාඩු වලදි... ගේනවා ගේනවා ඉවරයක් නෑ නේ. රටේ ආරක්ෂාව ගැන හිතන්නේ නැතුව රට ඉන්න අය එක්ක කොරෝනා ආනයනය කරනවා. දැන් ඉතිං ලංකාවේ මිනිස්සු මෙච්චර කරපු කැපවීම වතුරේ. ඉස්සරහට ලංකාවේ පොකුරු පොකුරු අහුවෙලා මැරෙන්න ගත්තාම ඔය රට ඉඳලා ආපු එක්කෙනෙක් වග කියනවද?. මැරෙන මිනිස්සුන්ට වන්දි දෙනවද?. කවුරුත් පිටරට යන්නේ තමන් ගැන වගකීම අරන්... එයාලා ඒ රටවල ඉඳීවි. ඒ රටවල් ඒ මිනිස්සු ගැන බලාගනීවි. ලංකාවට ගේන්න එපා දැන්මම.. එයාලට ලංකාවට එන්න අයිතිය තිබුණාට කොරෝනා අරන් ඇවිත් මෙහේ මිනිස්සුන්ට බෝ කරන්න කිසිම අයිතියක් නෑ. දැන් ලංකාවට ගේන්න එපා කවුරුත්...
ප්‍රශ්නයක් නෑ ඡන්දේ තියමු ඉස්සෙල්ලා.. අපේ විමලේත් කියන්නේ ඒකනේ. කොරෝනාවලින් මොනවා වුණත් කමක් නෑ 2/3 අපිට ඕනේ...
සමහරුන්ට කුරීරු සතුටක් එනවා ලංකාවේ කොරෝනා ලෙඩ්ඩු වැඩි වෙනකොට.. මොකද ඒ කුහකයින්ගේ දේශපාලන පැවැත්ම රඳා පවතින්නේ මේ රටේ ලෙඩ්ඩු එක්ක.. ඒකයි මොන හොඳ කළත් අඩුවක් අල්ලගෙන කියවන්නේ.. ඒකයි සමකය කිට්ටුව නිසා අපි බේරුණා කියන්නේ. දූපතක් නිසා අඩු වුණා කියන්නේ. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය එතකොට දූපත් නෙමෙයි. ඉන්දියාව සමකය කිට්ටුව නෙමෙයි.