(සුජිත් හේවාජුලිගේ)

කොරෝනා වයිරස ආසාදිතයන් දෙදෙනකු හමුවීම නිසා වසා දැමුණු විදුලිබල අමාත්‍යාංශය යළි විවෘත කළ බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

කොරෝනා ආසාදිතයන් දෙදෙනා හමු වීමෙන් පසු ආරක්ෂක පියවරක් ලෙස අමාත්‍යාංශය පසුගිය සදුදා සිට වසා දැමුණු බවද හෙතෙම සඳහන් කළේය.

අමාත්‍යාංශ පරිශ්‍රය සම්පූර්ණයෙන්ම ජීවානුහරණය කිරීමෙන් පසු එහි කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කළ බවත් අමාත්‍යාංශයෙන් හමුවූ රෝගීන් දෙදෙනාගේ තත්ත්වයද මේ වනවිට යහපත් අතට හැරී ඇති බවත් එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

කොරෝනා ආසාදනයවූ සේවකයකු විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකි.

එම සේවකයාට ආශ්‍රිතවූ ඇමතිවරයාද මේ හේතුව මත කොළඹ පිහිටි සිය නිවසේ නිරෝධායනයට යොමුවී සිටී.