( ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා )
රජය මගින් ආරම්භ කර ඇති කෙරෝනා සහන අරමුදල සඳහා තම කාර්යාලයේ නිලධාරීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ දිනෙක වැටුප පරිත්‍යාග කිරීමට කටයුතු කරන බව තවලම ප්‍රාදේශීය ලේකම් ධම්මික ඩී වීරකෝන් මහතා පැවසී ය.
ඒ අනුව තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 220ක් පමණ වන සේවක මඩුල්ල මේ සඳහා දායකත්වය සපයයි.
මීට අමතරව තම බල ප්‍රදේශයේ මහ ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් ද මෙම අසීරු අවස්ථාවේ තවත් වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාවට නංවා තිබෙන බව ප්‍රාදේශීය ලේකම් වරයා කීය.
(ඡායාරූප - රවී ලියනගේ)

COMMENTS
සුනාමි?
සුනාමි සහන අරමුදලට,,,,
සුනාමි සහන මණ්ඩලයක් මොකටද?
සුනාමි අරමුදලක් මොකටද කොරෝනා ආවම.?