




(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොරෝනා වසංගතයෙන් ගමත් රටත් බේරා දෙන ලෙසට ඉල්ලමින් දේව කන්නලව්වක් පවත්වා සෙත් පැතීමේ ගම්මඩු ශාන්ති කර්මයක් ඊයේ රැය පහන්වනතුරු දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී පැවැත්විණි.
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මහත්මිය ඇතුලු කාර්යාලීය නිලධාරීහු මෙම ශාන්ති කර්මයේ කටයුතු සංවිධාන කළහ.කැලණිය විශ්ව විද්‍යාලයේ නර්තන අංශයේ බාහිර කථිකාචාර්ය සරත් සුමනරාජා මහතාගේ මෙහෙයවීම යටතේ නර්තන ශීල්පීහු මෙම ශාන්ති කර්මය පැවැත්වීමට එක්ව සිටියහ.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.
කොරෝනා දෙවැනි රැල්ල දිවුලපිටිය කේන්ද්‍ර කරගෙන ආරම්භවීමෙන් පසු ඇතිවූ දැඩි පීඩනකාරි තත්ත්වය මත ජනතාව ඉන් නිදහස් කර ගැනීම අරමුණු කරගිනිමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ කප් සිටුවනු ලැබූ අතර එහි තවත් පියවරක් අනුව මෙම ශාන්තිකර්මය පවත්වා රටට දැයට සෙත් පැතීම සිදුවිය. මෙම කටයුතු ආරම්භයේදී ආගමික වතාවත් පවත්වනු ලැබුයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සංයෝජක කලුඅග්ගල සරණසිරි හිමියන් විසිනි. ඉන්පසු අද අලුයම කිරි අම්මාවරුන් උදෙසා දානමය පිංකමක් පවත්වනු ලැබිණි.
ගම්පහ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ අයේෂ් පෙරේරා, දිවුලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ලෙපාලිස් පරීක්ෂක යූ.පී.එස් ප්‍රියන්ත, දිවුලපිටිය සංස්කෘතික බල මණ්ඩලයේ සභාපති දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්දික රාජපක්ෂ මහතා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිවුලපිටියේ පමණක් නොවේ. ලංකාවේ හැම ආගමකම මෙය කළ යුතුයි.
පළමුව මිථ්‍යා මුට්ටි, ඊළඟට මිථ්‍යා පැණි, ඊළඟට මිථ්‍යා ගම්මඩු, ලංකාව අනුගමනය කරන්නේ... යක්කු සහ බලි තොවිල්ද? මාටින් වික්‍රමසිංහ විද්වතා කිව්වේ ‘‘ තොවිලය ශාස්ත්‍රයක් නොව කලාවක්‘‘ කියලා...
රටට අඩුව තිබුණේ මේක විතරයි... දැන් රට පුරාම මේක කරගෙන යන්න...
අම්මෝ මෙහෙමත් ජාතියක්...
කොවිඩ් පැණියයි, මේ ක්‍රියාවන් අතරයි වෙනස කුමක්ද?
දැන්වත් ඔය මිථ්‍යාව පසුපස යන එක නතර කරනවා නම් හොඳයි..
බලි තොවිල් පසුපස යන පවුල් අපේ ගමේත් ඉන්නවා. කවදාවත් ගොඩයන්නේ නැහැ. ඕවා සංස්කෘතික අංග විදිහට කළාට නම් කමක් නැහැ. ඒත් සැබෑ ගැටලුවලට සැබෑ විද්‍යාත්මක විසඳුම් තිබිය යුතුයි.
ගොඩදෙනෙක් මේක විවේචනය කළත් මම නම් මේකේ හොඳ පැත්තකුත් දකිනවා. මේ වගේ පාරම්පරික කලාව ආරක්ෂා වෙන්න නම් මේවා නිතරම එළි දක්වන්න ඕනේ. කොරෝනා වලට බලපෑමක් නැති වුණත් මේ දේවල් අලුත් පරපුරට ගෙනියන්න මේ කරපු දෙයට මෙය සංවිධානය කළ අයට ස්තුතිය පල කරන්න ඕනෑ.
අනේ අපොයි බුදුන්ගේ දේශය කියන රටට වෙන්න යන දේ...
එක එක මිනිස්සුන්ගේ එක එක ආගමික විශ්වාස... මේවාට ප්‍රසිද්ධියක් දෙන්න අවශ්‍ය නැහැ.
රටක, ජාතියකට වටිනාකමක් දීමේදී ලොව පවතින එක් ක්‍රමයක් වන්නේ එම රටේ ජාතික, භාෂාමය හා සංස්කෘතික අනන්‍යාවක් තිබීමයි. ලොව අතිශයින්ම දියුණු රටවල බුද්ධිමතුන් රහසිගතව මෙහි පැමිණ මේ රටේ පවතින මේ ශාන්තිකර්ම විධි හදාරා ගිය අවස්ථා ඇත. අපේ සංස්කෘතික දෙයට අපම මඩ ගසා ගැනීම නොකරන්නේ නම්, මැනවි. මේසන්බාස් පැනිය හා මුට්ටි පාකිරීම ගණයට මේවා දැමීම නොකළ යුතුයි. බලන්න.. සමහර ජාතීන්ට පෙරහැරක්, මෙවන් නාට්‍යමය දේවල් වැනි කිසිඳු දෙයක් නොමැතිව රංචු ගණනින් එකතු වී යාග හෝම පවත්වා අසරණ සතුන්ගේ ගෙල සිඳ කරනා තිරිසන් අපරාධ මෙන් නොව මේවා දෙස සතුටු සිතින් බලා රසවිඳින්න. ඒ ගැන පතපොත හදාරන්න. මේවායේ හිත් සුවපත් වෙන මනෝමූලික සිද්ධාන්ත අන්තර්ගතවේ. කැරොල්, පසම්, කන්තාරු, නාඩගම්, නූර්ති, කෝලම් ආදී සංස්කෘතික දේවලින් උසස් අධ්‍යාපනය ලබන විදේශිකයන් පවා සිටිනා අතර මේවා රටක ජාතියක ඇති සංස්කෘතික දායාදයන්ය. මේවා උපහාස රසය යොදාගෙන සමාජය ශෝධනය කෙරුණු අවස්ථාවන් ද ඇත. ඇමරිකාවේ ඇතිවූ තරුණ අසහනයට පිළියම් ලෙස ඉන්දියාවේ රවි ශංකර් ලවා සිතාර් වාදනය කිරීම පවා පෙරදී සිදුවී ඇත. එසේම මේ ගැමි නාටක විධි ගැනද උසස් අධ්‍යාපනය සඳහා විදෙස්වල සිදුවේ.