(රංජන් කස්තුරි)
කොරෝනා සඳහා ඖෂධ සොයාගත් බවට ප්‍රචාරය කරන වෛද්‍යවරුන් තමන් සොයාගත් ඖෂධ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක මහතා සඳහන් කරයි.
එම ක්‍රියාපිළිවෙත අනුගමනය නොකරන වෛද්‍යවරුනට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
කොරෝනා ඖෂධ සොයාගත් බවට ප්‍රචාරය යවන වෛද්‍යවරුන් පිළිබඳව ජනතාවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිලි කළ හැකි බව ද එම පැමිණිලි [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කළ හැකි බව ද මහාචාර්යවරයි පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ වෙද්දුන්ට ඕවා අදාළ නැහැ. ඕනෑම ගුලියක් අඹරවලා මිනිස්සුන්ට ගිල්ලවන්න පුළුවන්...
මේ ලෙඩේ සුවකරනවා කියලා තියන සිංහල බෙහෙත් බොරු ඒවා..., ඒ ගොල්ලෝ කියන දෙයින්ම එ්ක ඔප්පුවෙනවා. මොකද ලෙඩේ හොඳ වුණත් හැදිච්ච කෙනෙක්ගේ ඇඟේ දවස් 36ක් විතර යනකන් මේ වයිරස් එක තියනවා... ඒ කාලය ඇතුළට එයා පී.සී.ආර්. පරීක්ෂණයකට මුහුණ දුන්නොත් හැමතිස්සේම පොසිටිව් කියලා තමයි රිසල්ට් එක එන්නේ.., එ්ක නිසා බෙහෙත බිව්වාම දවස් තුනෙන් PCR නෙගටිව් වෙනවා කියන කතාව එතැනින්ම බොරු වෙනවා...
බෙහෙත් සොයාගත් අය දිරිගන්වා සාර්ථක කර ගැනීමට හැකි වැඩපිළිවෙලක් ආරම්භ කරන්න.
ඒකනේ ධම්මික පැණියටත් වුණේ...!!!
දේශප්‍රේමී කල්ලියේ පුද්ගලයින්ට විරුද්ධව විනය පියවර ගන්න ඔබට පුළුවන්ද?