(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කොරෝනා පාලන සහ රජයේ අනෙකුත් වියදම් සඳහා රුපියල් කෝටි විසි දහසක මුදලක් අනුමත කර ගැනීම සඳහා ඉදිරිපත් කෙරුණු පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අද සම්මත විය.

ඒ මේ සම්බන්ධයෙන් පැවති විවාදයෙන් පසුවය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළේය.