IMG-LOGO

කොරෝනාවට අත දුන් 81000 පොලිස් දැලේ

(නිමන්ති රණසිංහ)

කොරෝනා ව්‍යාප්තියත් සමග නිරෝධායන රීතින් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අද (26) දින වන විට 81,353 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

නිරෝධායන රීතින් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (25) උදෑසන 06.00 සිට අද (26) උදෑසන 06.00 දක්වා වූ පැය 24 ක කාලය තුළ පමණක් 13 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

බස්නාහිර පළාත තුළ පිහිටි මාර්ග බාධක 13 කදී පළාතෙන් පිටවන වාහන 542 සහ 1,088 දෙනකු ද, බස්නාහිර පළාතට ඇතුළු වන වාහන 684ක් සහ1154 දෙනකු ද ඊයේ (25) පරීක්ෂා කර ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව නිසි අවසර පත්‍රයක් නොමැතිව මාර්ග බාධක හරහා ගමන් කිරීමට පැමිණි වාහන 133 ක් සහ 272 දෙනෙක් ආපසු හරවා යැවීමට පියවර ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.

 



අදහස් (1)

කොරෝනාවට අත දුන් 81000 පොලිස් දැලේ

fairoos Tuesday, 26 October 2021 12:37 PM

ඊයේ දවසටම අත් අඩංගුවට අරන් තියෙන්නේ 13ක් පමණයි. ගල්කිස්ස වෙරළට ගිහිල්ලා තිබ්බා නම් 1000 ක් විතර අත්අඩංගුවට ගන්න තිබ්බා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site